01

E   |     |  

 දිනය: 2025-03-08   පිළිතුර ලබා දී ඇත 

0428/2025: මූතූර් සහ කින්නියා රෝහල්: භෞතික සම්පත් සහ කාර්ය මණ්ඩලය

428/2025

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ,  මූතූර් සහ කින්නියා රෝහල්වලට ‘ඒ’ ශ්‍රේණිය තත්ත්වය ලබා දී ඇති බවත්;

             (ii)      එහෙත්, ‘ඒ’ ශ්‍රේණියට සරිලන පරිදි එම රෝහල් සඳහා භෞතික සම්පත් මේ වනතෙක් ලබා දී නොමැති බවත්;

(iii) එම රෝහල්වලට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ලබා දී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම රෝහල්වලට අවශ්‍ය භෞතික සම්පත් ලබා දීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(ii) එම එක් එක් රෝහලේ මේ වනවිට සේවය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;  

       (iii) එම රෝහල්වල කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;

       (iv) කින්නියා සහ මූතූර් රෝහල් මධ්‍යම රජය යටතට පවරා නොගැනීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)     නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-03-08

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       භෞතික සම්පත්වල යම් යම් අඩුපාඩු පවතී.

             (iii)      මෙම රෝහල්වල දැනට අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු පැවතියද රෝගී සත්කාර සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සැලකිය යුතු ප්‍රමාණයක් සේවා නියුක්තව සිටී.  කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු පහත ඇමුණුමෙහි දක්වා ඇත.

Details of BH, Mutur & BH, Kinniya Cadre, in Position - 2025

S.NO

Hospitals - Trincomalee Region

BH - Mutur “A”

BH - Kinniya “A”

 

 

Cadre

In position

Cadre

In position

1

Medical Superintendent

1

0

1

1

2

Medical Consultant

8

3

8

5

3

Medical Officer

40

41

40

36

4

Dental Surgeon

2

2

2

2

5

AMO/RMO*

0

1

1

 

6

Administrative Officer

1

1

1

1

7

Matron

2

 

2

 

8

Ward Sister/Master

8

2

8

5

9

Nursing Officer

80

67

80

68

10

Pharmacist

4

5

4

6

11

MLT

4

3

4

3

12

Radiographer

3

1

3

1

13

Physiotherapist

2

2

1

1

14

Public Health Midwife

12

7

12

12

15

Supervisory PHM

 

 

 

 

16

Development Officer

1

3

2

5

17

PHI

 

 

 

 

18

ECG Recordist

2

1

2

3

19

PHLT

1

1

1

 

20

Dispenser

4

1

4

3

21

Management Service Officer

8

8

5

5

22

Diet Stewards

1

 

1

1

23

Ward Clerk

1

 

1

 

24

Driver

2

2

2

2

25

Attendant

22

9

20

17

26

Cooks

1

3

2

2

27

Hospital Overseer

1

 

2

 

28

Lab Orderly

1

 

1

 

29

Plant Operator

 

 

 

 

30

Seamstress

1

1

1

2

31

Telephone Operator

2

 

2

 

32

Plumber/PMO

1

 

1

1

33

KKS

0

1

0

1

34

SKS (Ordinary)

40

15

40

20

35

SKS (Junior)

60

33

60

33

36

Watcher

 

 

 

 

37

Psychologist

 

 

 

 

38

Occupational Therapist

 

 

 

 

39

Psychiatric Social Wr.

 

 

 

 

40

TOTAL

316

213

314

236

 

(ආ) (i) මෙම රෝහල්වල භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන "පළාත් සංවර්ධන ප්‍රතිපාදන" මඟින් අවශ්‍යතාවන්හි ප්‍රමුඛතාව මත ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ii)

රෝහලේ නම

විශේෂඥ වෛද්‍යවරුන් ගණන

මුතූර්

03

කින්නියා

05

(iii) මෙම රෝහල්වල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු ඉදිරි බඳවා ගැනීම සිදු කිරීමේදී පළාතේ රෝහල්වල පවතින සේවා අවශ්‍යතාවල ප්‍රමුඛතාවන් මත සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම අය වැය විවාදයේදීත් කිව්වා, අපි nursing officersලා බඳවා ගන්නවා කියලා. ඒකෙදී මේ cadre එක සම්පූර්ණ කරන්න බැරි වෙයි. නමුත්, යම් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්.

(iv) මුතූර් සහ කින්නියා රෝහල් මධ්‍යම රජය යටතට පවරා නොගැනීමට හේතු වනුයේ, දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශික්ෂණ රෝහල් සහ විශේෂ කාර්ය සඳහා පිහිටුවනු ලබන රෝහල් හැර ප්‍රාදේශීය රෝහල්, මාතෘ නිවාස සහ බෙහෙත් ශාලා පිහිටුවා පවත්වාගෙන යාම පළාත් සභාව යටතේ සිදු කළ යුතු බැවිනි.

ඒ අනුව මුතූර් සහ කින්නියා රෝහල් මූලික රෝහල් කාණ්ඩයට අයත් ද්විතීයික ප්‍රතිකාර සේවා සපයන රෝහල් බැවින් මධ්‍යම රජයට පවරා ගැනීමේ නීත්‍යනුකූලභාවයක් නොමැත.

ගරු මන්ත්‍රීතුමනි, අපට "A" සහ "B" වශයෙන් base hospitals 80ක් තිබෙනවා. ඒ සියල්ලම පාහේ පළාත් සභා යටතේ තමයි ක්‍රියාත්මක ‍වෙන්නේ. අපි තෘතීයික මට්ටමේ තිබෙන රෝහල් තමයි මධ්‍යම ආණ්ඩුවට පවරාගෙන තිබෙන්නේ. තවත් එවැනි රෝහල් 4ක්, 5ක් තිබෙනවා. ඒවාත් පවරා ගැනීමට කටයුතු කරනවා.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks