පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
426/2025
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති, ජාතික යොවුන් සේනාංකයේ පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව කොපමණද;
(ii) කින්නියා ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පුහුණු මධ්‍යස්ථානය වසා දමා ඇති අතර එය වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කර ඇති බව දන්නේද;
(iii) එම පුහුණු මධ්‍යස්ථානය වසා දැමීමට හේතු කවරේද;
(iv) එය වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කිරීමට හේතු කවරේද;
(v) එම පුහුණු මධ්‍යස්ථානය නැවත විවෘත කිරීම සඳහා බාධාවක් තිබේද;
(vi) නොඑසේ නම්, එම පුහුණු මධ්‍යස්ථානය නැවත විවෘත කිරීමට පියවර ගන්නේද;
(vii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-28
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මධ්‍යස්ථාන සංඛ්‍යාව 04කි.
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
පුහුණු මධ්‍යස්ථාන ගණන |
මධ්‍යස්ථානයේ නම |
|
01 |
ත්‍රිකුණාමලය නගර හා කඩවත් |
01 |
ත්‍රිකුණාමලය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය |
|
02 |
ගෝමරන්කඩවල |
01 |
ගෝමරන්කඩවල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය |
|
03 |
සේරුවිල |
01 |
සේරුවිල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය |
|
04 |
කුච්චවේලි |
01 |
කුච්චවේලි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය |
(ii) වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කර නොමැත.
(iii) මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා ත්‍රී/කින්/අල් රවුලා විද්‍යාලය විසින් ලබා දී තිබූ පරිශ්‍රයේ පහසුකම් ප්‍රමාණවත් නොවීම හා එම පරිශ්‍රය ආපසු විද්‍යාලය වෙත ලබා දෙන ලෙස නැඟෙනහිර පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ අධ්‍යාපන, පෙර පාසල් අධ්‍යාපන, ක්‍රීඩා, සංස්කෘතික කටයුතු, යෞවන කටයුතු, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් විසින් කරන ලද ඉල්ලීම හේතුවෙන් ජාතික යොවුන් සේනාංකය සතු බඩුබාහිරාදිය ඉවත් කර ගැනීමෙන් පසු ගොඩනැඟිල්ල එම විද්‍යාලය වෙත නැවත භාර දී පුහුණු මධ්‍යස්ථානය වසා දමා ඇත.
(iv) වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කර නොමැත.
(v), (vi), (vii) මධ්‍යස්ථානය පවත්වාගෙන යන ලද පරිශ්‍රය ආපසු ත්‍රී/කින්/අල් රවුලා විද්‍යාලය වෙත ආපසු භාර දී ඇති බැවින්, නැවත විවෘත කිරීමක් සිදු කළ නොහැකි අතර, කින්නියා ප්‍රදේශයට ආසන්නයෙන් දැනට ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන දෙකක් - ත්‍රිකුණාමලය, සේරුවිල- ක්‍රියාත්මක වන බැවින් අලුතින් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විශාල මුදලක් වැය කිරීම ඵලදායී නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-02-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks