පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
387/2025
ගරු චානක මාදුගොඩ මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාලු වරාය පරිශ්‍රයේ තිබූ බෝ ගස විනාශයට පත්වීම හේතුවෙන් ඒ වෙනුවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීම සම්බන්ධයෙන් ගාලු වරායේ සේවකයන් සහ පාලන අධිකාරිය අතර ඇති මත භේදාත්මක තත්ත්වය පිළිබඳව දැනුම්වත්වී තිබේද;
(ii) එම බෝ පැළය ගාලු වරාය පරිශ්‍රය තුළ රෝපණය කිරීමට ඇති බාධා කවරේද;
(iii) ගාලු වරාය පරිශ්‍රය තුළ එම බෝ පැළය රෝපණය කිරීමට පියවර ගන්නේද;
(iv) ඉහත සඳහන් මත භේදාත්මක තත්ත්වය නිරාකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-01
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීම සම්බන්ධයෙන් වරායේ පාලන අධිකාරිය සහ සේවකයන් අතර මතභේදාත්මක තත්ත්වයක් නොමැත.
(ii)
(iii) වරාය සේවක පිරිසක් යැයි සඳහන් කරමින් ඉහළ කළමනාකාරිත්වයට යොමු කරන ලද ඉල්ලීමක් පිළිබඳව සලකා බලා ඉහළ කළමනාකාරීත්ව කමිටුව මඟින් වරාය භූමිය තුළ නැවත වතාවක් බෝධියක් අපවත්වීම වැළැක්වීම සඳහා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීමට එකඟතාව ලබා නොදීමට තීරණය කර ඇත.
(iv) මෙම කරුණු සම්බන්ධයෙන් සේවක පිරිස දැනුවත් කර ඇති අතර ගාල්ල වරායේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සැලසුම් පිළිබඳව ද වරාය තුළට ලවණ ජලය පැමිණීම පිළිබඳවද නිසි අධ්‍යයනයක් සිදු කොට ඉදිරියේදී නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-03-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks