පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
383/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් ලාභ ලබන ඩිපෝ සහ අලාභ ලබන ඩිපෝ වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) අලාභ ලබන ඩිපෝ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iv) මණ්ඩලය සතු බස්රථ සංඛ්‍යාව කොපමණද;
(v) එම බස්රථ අතරින් මේ වනවිට ධාවනයේ යෙදෙන බස්රථ සංඛ්‍යාව සහ ධාවනයෙන් ඉවත් කර ඇති බස්රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට හේතු කවරේද;
(vii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට ධාවනයේ යෙදෙන සහ ධාවනයෙන් ඉවත් කර ඇති දුම්රිය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) දුම්රිය ධාවනයෙන් ඉවත් කිරීමට හේතු කවරේද;
(iv) මේ වනවිට ධාවනයේ යෙදෙන නව දුම්රිය සංඛ්‍යාව කොපමණද;
(v) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(vi) එම දෙපාර්තමේන්තුවේ අනියම් සේවකයන් සංඛ්‍යාව සහ ස්ථීර සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-08
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඩිපෝ - 107
උප ඩිපෝ - 06
අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවා - කටුබැද්ද - 01
බස්රථ ගාල් - 03
(ii) ලාභ ලබන ඩිපෝ - 54යි
අලව්ව, අම්පාර, අංගොඩ, අනුරාධපුර, බලංගොඩ, බණ්ඩාරවෙල, මධ්‍යම බස් නැවතුම්පොළ, දඹුල්ල, දැරණියගල, දිවුලපිටිය, ගල්ගමුව, ගාල්ල, ගම්පොළ, හඟුරන්කෙත, හැටන්, යාපනය, කඩවත, කලවාන, මහනුවර උතුර, මහනුවර දකුණ, කන්තලේ, කරෙයිනගර්, කෑගල්ල, කැකිරාව, කැප්පෙටිපොළ, කිලිනොච්චිය, කිරිඳිවැල, කොග්ගල, කොත්මලේ, කුලියාපිටිය, කුරුණෑගල උතුර, කුරුණෑගල දකුණ, මහරගම, මහියංගනය, මහව, මාතලේ, මාවනැල්ල, මොනරාගල, නාවලපිටිය, නිකවැරටිය, නිට්ටඹුව, පානදුර, පේදුරු තුඩුව, පුත්තලම, රත්නපුර, තංගල්ල, තෙල්දෙණිය, අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවා - කටුබැද්ද, උඩුදුම්බර, වලපනේ, වත්තේගම, යටිනුවර.
අලාභ ලබන ඩිපෝ - 55යි
අක්කරෙයිපත්තු, අකුරැස්ස, අලුත්ගම, අම්බලන්ගොඩ, අම්බලන්තොට, අවිස්සාවේල්ල, බදුල්ල, මඩකලපුව, බිබිල, හලාවත, දෙහිඅත්තකණ්ඩිය, ඇල්පිටිය, ඇඹිලිපිටිය, එරාවුර්, ගම්පහ, ගිරිඋල්ල, ගොඩකවෙල, හක්මන, හෝමාගම, හොරණ, හොරොව්පොතාන, ජා ඇල, කලවංචිකුඩි, කල්මුණේ, කළුතර, කතරගම, කාත්තන්කුඩි, කටුබැද්ද, කැබිතිගොල්ලෑව, කැලණිය, කැස්බෑව, මන්නාරම, මාතර, මතුගම, මට්ටක්කුලිය, මීතොටමුල්ල, මොරටුව, මුලතිව්, මුතූර්, මීගමුව, පොළොන්නරුව, රත්මලාන, තලංගම, තණමල්විල, ත්‍රිකුණාමලය, උඩහමුල්ල, උඩුගම, වාලච්චේන, වවුනියාව, වාරියපොළ, වැලිසර, වැල්ලවාය, වෙන්නප්පුව, කින්නියා-(උප), පොතුවිල්-(උප).
(උප ඩිපෝවල ආදායම්, මව් ඩිපෝ මඟින් පාලනය වේ.)
(iii) i. දුර්වල කළමනාකාරිත්වය සහිත ඩිපෝ කළමනාකරුවන් ඉවත් කර, දක්ෂ ඩිපෝ කළමනාකරුවන් අදාළ ඩිපෝවලට පත් කිරීම.
ii. උපරිම කාල සටහන් ප්‍රමාණයක් ධාවනය කිරීම.
iii. බස්රථ ධාවන ප්‍රමාණය වැඩි කිරීම.
iv. මගීන් දැනුවත් කිරීමේ අරමුණ ඉටුකර ගනිමින් වංචනික ක්‍රියා අවම කිරීම.
v. සේවක අභිප්‍රේරණය සඳහා වැටුප් සංශෝධනය කිරීම.
vi. සේවකයන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළු පැවැත්වීම.
vii. සැම ඩිපෝවක් සඳහාම දෛනික ආදායම් ඉලක්කයක් ලබා දීම.
viii. බස් රථවල ඉන්ධන පරිභෝජනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම.
ix. මිලදී ගන්නා භාණ්ඩවල ප්‍රමිතිය නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම.
x. සෑම විටම ඩිපෝවේ ආදායමට ගැළපෙන පරිදි වියදම් පාලනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සහ උපදෙස් ලබා දීම.
xi. මාසික ගිණුම් වාර්තා පරිශීලනය කරමින් ඉදිරි කළමනාකරණ කටයුතු සිදු කිරීම.
xii. ඩිපෝවලින් අමතර ව්‍යාපාරික කටයුතු සඳහා යොමු කිරීම
xiii. Digitalization.
(iv) 7,137යි.
(v) ධාවනයේ යෙදෙන බස් රථ සංඛ්‍යාව - 5,182යි.
ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ සංඛ්‍යාව -1,955යි.
(vi) i ටයර්, ටියුබ් සහ බැටරි නොමැති වීම
ii කට්ටල්, උපකට්ටල් නොමැති වීම
iii පූර්ණ අලුත්වැඩියාවන්ට යොමු කර පැවතීම
iv හදිසි අනතුරුවලට ලක් වී අලුත්වැඩියාවේ පවතින බස් රථ
v ධාවනය වීමේදී ඇති වන සුළු කාර්මික දෝෂ අලුත්වැඩියා කරමින් පැවතීම
vi කට්ටල් අලුත්වැඩියා කරමින් පැවතීම
vii විශාල අලුත්වැඩියාවන් කරමින් පැවතීම
viii අලුත්වැඩියා කිරීමෙන් ආර්ථික වාසි නොවන බස්රථ
(vii) ඔව්. මුළු සේවක සංඛ්‍යාව 25,384 යි.
(ආ) (i) දුම්රිය ස්ථාන සංඛ්‍යාව - 185
උපදුම්රිය ස්ථාන සංඛ්‍යාව - 164
(ii) (2025.03.12 දින වන විට)
ධාවනයේ යෙදෙන දුම්රිය සංඛ්‍යාව -
Double-engine power sets 27
Single power sets 28
Locomotive engines 48
ධාවනයෙන් ඉවත් කර ඇති දුම්රිය සංඛ්‍යාව - 116
(iii) අලුත්වැඩියා සඳහා
(iv) ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා මෙතැනදී "නව" කියා අදහස් කරන්නේ මොකක්ද කියා පැහැදිලි නැහැ. නමුත්, අවසානයට දුම්රිය එන්ජින් ලබා ගත් වර්ෂය "නව" කියා හිතලා තමයි මම උත්තරය සකස් කරලා තිබෙන්නේ. ඒ අනුව,
2019 වර්ෂයේදී ගෙන්වන ලද දුම්රිය එන්ජින් සංඛ්‍යාව 10යි.
2021 වර්ෂයේදී ගෙන්වන ලද බලවේග කට්ටල සංඛ්‍යාව 26 යි.
(v) මුළු සේවකයන් සංඛ්‍යාව - 14,733යි.
අනුමත සේවක සංඛ්‍යාව - 20,605යි.
(vi) ස්ථිර සේවක සංඛ්‍යාව - 14,661යි.
අනියම් සේවක සංඛ්‍යාව - 72යි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks