01

E   |     |  

 දිනය: 2014-07-24   පිළිතුර ලබා දී ඇත 

2672/2014: අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග : අනතුරු

2672/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)       දුම්රිය හරස් ගේට්ටු නොමැති අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගවල වර්ෂ 2010 සිට 2012            දක්වා  කාල සීමාව තුළ,

              (i)       සිදුවී ඇති දුම්රිය අනතුරු සංඛ්‍යාව කොපමණද;

             (ii)       සිදුවූ එම අනතුරු නිසා මරණයට පත්වූ සංඛ්‍යාව කොපමණද;

(iii) තුවාල ලැබූ සංඛ්‍යාව කොපමණද;

යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග නිසා සිදුවන අනතුරු හේතුවෙන් හානි සිදුවන්නන්ට විශේෂ වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේද;

(ii) එසේ නම්, එම වන්දි ක්‍රමය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-24

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

                        වර්ෂය              අනතුරු සංඛ්‍යාව

                        2010                       75

                        2011                       82

                        2012                     113

              (ii)     

                        වර්ෂය                 මරණ සංඛ්‍යාව

                        2010                       11

                        2011                       18

                        2012                       07

             (iii)     

                        වර්ෂය                තුවාල ලැබූ සංඛ්‍යාව

2010 63

2011 48

2012 06

(ආ) (i) නැත.

(ii) පැන නොනඟී.

    (ඇ) මෙතෙක් එවැනි ක්‍රමයක් හඳුන්වා දී නොමැත.

 

පිළිතුරු දුන් දිනය

2014-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks