04

E   |     |  

 දිනය: 2025-11-15   පිළිතුර ලබා දී ඇත 

0345/2025: වව්නතිව් ප්‍රා.ලේ. කොට්ඨාසය: පානීය ජල පහසුකම්

345/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෛ බටහිර, වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනෛයි අරුප්පාන්, පන් සේනෛයි, වාදක්කල් මඩු, පාවට්කොඩි සේනෛයි, උන්නිච්චෙයි, නෙඩියමඩු වැනි ප්‍රදේශවලට මේ වනතෙක් පානීය ජල පහසුකම් ලබාදී නොමැති බවත්;

  (ii) උන්නිච්චෙයි සිට විවිධ ප්‍රදේශ වෙත පානීය ජලය ගෙන ගියද, උන්නිච්චෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පානීය ජලය ලබාදී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, ඉහත (i)හි සඳහන් ප්‍රදේශවලට පානීය ජල පහසුකම් ලබා දීමට කටයුතු කරන්නේද;

(ii) එම ප්‍රදේශවලට පානීය ජල පහසුකම් ලබා දෙන දින වකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-15

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i)         ·      දැනට නෙඩියමඩු ගම්මානය තුළ සියයට 90ක් ජලනළ පහසුකම් ආවරණය කර ඇති අතර, ජල සම්බන්ධතා 206ක සංඛ්‍යාවක් ලබා දී ඇත. අනෙකුත් අය විසින් ඉල්ලීම් ඉදිරිපත් කර නොමැත.

  • උන්නිච්චෙයි ගම්මානය තුළ සියයට 50ක ජල නළ පහසුකම් ආවරණය කර ඇති අතර, ජල සම්බන්ධතා 217ක සංඛ්‍යාවක් ලබා දී ඇත. ඉතිරි ප්‍රදේශ උස් බිම් සහිත ප්‍රදේශ වේ. එම නිසා එකී ප්‍රදේශ දැනට පවතින බෙදාහැරීම් නළ පද්ධතියෙන් ආවරණය කිරීමට නොහැකි වී ඇත.
  • · පනෙයියරුප්පාන්, පන්චේනෙයි, වාදක්කල්මඩු, පාවක්කොඩිචේනෙයි යන ප්‍රදේශවල දැනට පවතින නළ දීර්ඝ කිරීම තුළින් අවපීඩන තත්ත්වය හේතුවෙන් ජල සම්බන්ධතා ලබා දීමට නොහැකි වේ.

(ii) Raw water (අමු ජලය) උන්නිච්චෙයි වාරිමාර්ග වැව මඟින් ලබාගෙන අනෙකුත් ප්‍රදේශ සඳහා පානීය ජලය සපයනු ලබයි. නමුත්, උන්නිච්චෙයි ප්‍රදේශය සඳහා ව්‍යාපෘති ආරම්භයේදී ජල නළ පහසුකම් ලබා දී නොමැත. නමුත්, දැනට උන්නිච්චෙයි ප්‍රදේශයේ සියයට 50ක් ආවරණය වී ඇති අතර, ජල නළ සම්බන්ධතා 217ක් පමණ ලබා දී ඇත. ඉතිරි ප්‍රදේශ උස් බිම් වන අතර, දැනට පවතින බෙදාහැරීම් නළ පද්ධතිය මඟින් ආවරණය කිරීමට නොහැකි වී ඇත.

(ආ) (i) මෙම ප්‍රදේශවල ජල නළ දීර්ඝ කිරීම සඳහා දැනට පියවර ගෙන ඇත. Package plants ඉදිකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර, සැලසුම් හා ක්‍රම සම්පාදන කටයුතු සිදු වෙමින් පවතී. මෙමඟින් මෙම ප්‍රදේශවලට පානීය ජලය ලබා දීම සිදු කළ හැකිය.

(ii) 2026 නොවැම්බර් මස මෙම ව්‍යාපෘතිය අවසන් වීමට නියමිත අතර, ඉන් අනතුරුව උන්නිච්චෙයි ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලිය හැකි බව වැඩිදුරටත් දන්වා සිටිමි.

(ඇ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-02-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks