E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0345/ 2025 - ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 345/2024

      ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෛ බටහිර, වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනෛයි අරුප්පාන්, පන් සේනෛයි, වාදක්කල් මඩු, පාවට්කොඩි සේනෛයි, උන්නිච්චෙයි, නෙඩියමඩු වැනි ප්‍රදේශවලට මේ වනතෙක් පානීය ජල පහසුකම් ලබාදී නොමැති බවත්;

        (ii) උන්නිච්චෙයි සිට විවිධ ප්‍රදේශ වෙත පානීය ජලය ගෙන ගියද, උන්නිච්චෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පානීය ජලය ලබාදී නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) එසේ නම්, ඉහත (i)හි සඳහන් ප්‍රදේශවලට පානීය ජල පහසුකම් ලබා දීමට කටයුතු කරන්නේද;

      (ii) එම ප්‍රදේශවලට පානීය ජල පහසුකම් ලබා දෙන දින වකවානු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-11-15

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks