01

E   |     |  

 දිනය: 2014-01-23   පිළිතුර ලබා දී ඇත 

2668/2014: Mahinda Chinthana - 2500 Gardening and 19 Fruits Villages

2668/’12

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් පරිදි නැගෙනහිර නවෝදය  යටතේ   ක්‍රියාත්මක කළ ගෙවතු වගා 2500 ක් සහ පළතුරු ගම්මාන 19 ක්  බිහිකිරීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කර ති‍බේද;

  (ii)  එසේ නම්, එම වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ මේ වන විට  ආරම්භ කර ඇති  සම්පූර්ණ ගෙවතු වගා සංඛ්‍යාව සහ පළතුරු ගම්මාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?     

(ආ)  (i)  මහින්ද චින්තනය අනුව ඉහත වැඩසටහන යටතේ ආරම්භ කළ ගෙවතු වගා සහ පළතුරු ගම්මානවල නිෂ්පාදන අලෙවි කිරීමට නව‍ වෙළඳ ක්‍රමයක් හඳුන්වා දී තිබේද;

  (ii)  එසේ නම්, එම ක්‍රමයට අදාළ විස්තර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-01-23

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

Attached

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks