04

E   |     |  

 දිනය: 2025-03-08   පිළිතුර ලබා දී ඇත 

0274/2025: අඹතලේ සිට ග්‍රෑන්ඩ්පාස් දක්වා මාර්ගය: සංවර්ධනය

274/2024

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අඹතලේ සිට ග්‍රෑන්ඩ්පාස් දක්වා දිවෙන මාර්ගය (පරණ පාර) සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් යෝජනා කර තිබේද;

             (ii)       එසේ නම්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන දින වකවානු කවරේද;

(iii) එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගනු ලබන ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-08

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්. අඹතලේ සිට ග්‍රෑන්ඩ්පාස් දක්වා මාර්ගය කොටස් තුනකින් සමන්විත වන අතර, මෙම මාර්ගය සංවර්ධනය සිදු කරන ආකාරය අනුව කොටස් 03කි.

අනු අංකය

 

මාර්ග කොටස

දුර

අයිතිය

තත්ත්වය

1

1

පළමු කොටස

මීටර් 0 සිට මීටර් 270 දක්වා කොටස

කොළඹ මහ නගර සභාව සතුය

ගමනාගමනයට සුදුසු තත්ත්වයේ පවතී.

 2

2(a)

දෙවන කොටස

මීටර් 270 සිට මීටර් 830 දක්වා කොටස

මාර්ග සංවර්ධන අධිකාරිය

සංවර්ධනය කළ යුතු තත්ත්වයේ පවතී.

 

2(b)

තුන්වන කොටස

මීටර් 830 සිට කි.මී.3 මීටර් 760 දක්වා කොටස

මාර්ග සංවර්ධන අධිකාරිය

සංවර්ධනය කළ යුතු තත්ත්වයේ පවතී.

ඉහත සඳහන් සංවර්ධනය කළ යුතු මාර්ග කොටස් (අනු අංක 02හි පරිදි), ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත තැන්පත් කර ඇති මුදලින් සංවර්ධනය කිරීමට යෝජිතව ඇත.

(ii) ඉහත අංක 2(a)හි සඳහන් මීටර් 270 සිට මීටර් 830 දක්වා කොටසෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කිරීමට සැලසුම් කර තිබුණද, නැවතත් 2025 පෙබරවාරි මස දැනුම් දීමක් මඟින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මෙම කොටසෙහි ගෘහස්ථ ජල සැපයුම වෙනුවෙන් නැවතත් ජල නළ එළීමට අවශ්‍ය බව දන්වා ඇත. එම නිසා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අදාළ සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා ඇත. මෙම කොටසෙහි ජල නළ එළීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට එම මණ්ඩලයට  දැනුම් දී ඇති අතර, එදින සිට මෙම කොටසෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ඇත.

 මීටර් 830 සිට කිලෝමීටර 3 මීටර් 760 දක්වා කොටසෙහි ජල නළ එළීමේ කටයුතු අවසන් කර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාර දීමට කටයුතු කළ පසු එම කොටසෙහි සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සිදු කළ හැකි අතර, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් එම මාර්ග කොටස භාර දෙන දිනය නිශ්චිත නොවන බැවින් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ ප්‍රකාශ කළ ‍නොහැක.

(iii) සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත රුපියල් මිලියන 288ක මුදලක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් තැන්පත් කර ඇති අතර, දෛනික නඩත්තු කටයුතු වෙනුවෙන් වැය වී ඇති රුපියල් මිලියන 85ක මුදල හැරුණුකොට ඉතිරිව ඇති රුපියල් මිලියන 203ක මුදලක් ඉහත කී ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks