පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
228/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ, දූෂණ විරෝධී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවන ලද නීතිය කවරේද;
(ii) එම අධිකරණයේ කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;
(iii) එම අධිකරණයේ මේ වනවිට විභාග කරනු ලබන නඩු සංඛ්‍යාව සහ එම අධිකරණය මඟින් විභාග කර අවසන් කරන ලද නඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ආරම්භ කරන ලද දිනයේ සිට මේ දක්වා එම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද නඩු සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දූෂණ විරෝධී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු කටයුතු ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම අකර්මන්‍යවී ඇති බව පිළිගන්නේද;
(ii) අල්ලස්, මූල්‍ය අපරාධ සහ මූල්‍ය දූෂණ සම්බන්ධයෙන්වූ නඩු කඩිනමින් විභාගකර අවසන් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-10
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2018 අංක 9 දරන අධිකරණ සංවිධාන පනතේ 12A (1) (a) වගන්තිය.
(ii) 2018 ජූලි මස 04 වන දින.
(iii) • ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය - අංක 01
පවතින නඩු සංඛ්‍යාව - 02
අවසන් කරන ලද නඩු සංඛ්‍යාව - 04
• ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය - අංක 02
පවතින නඩු සංඛ්‍යාව - 02 (මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හැරීමේ නඩු අංක 01)
අවසන් කරන ලද නඩු සංඛ්‍යාව - 01
(iv)
|
වර්ෂය |
ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය - 01 |
ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය - 02 |
|
2018 |
3 |
- |
|
2019 |
2 |
2 |
|
2020 |
- |
- |
|
2021 |
- |
- |
|
2022 |
- |
- |
|
2023 |
- |
- |
|
2024 |
1 |
- |
|
2025 |
- |
1 |
(ආ) (i) නැත.
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ අංක 1 මඟින් 2026.02.10 දිනැතිව මෙම අමාත්‍යාංශයට යොමු කරන ලද ලිපියට අනුව දැනට සක්‍රියව පවතින නඩු ප්‍රමාණය පහත පරිදි වේ.
නඩු අංකය ඉදිරි දිනය
1. HC/PTB/01/05/2019 2026.03.26
2. HC/PTB/02/01/2025 2026.02.11
3. HC/PTB/02/01/2019 2026.05.11
(ii) ශ්‍රී ලංකා පොලීසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය නැවත පිහිටුවීමට සහ දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නඩු විශාල ප්‍රමාණයක් ගොනු කරනු ඇති බව මෙම රජයේ අපේක්ෂාව වේ.
2025.09.29 දිනැතිව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙතින් යොමු කරන ලද ලිපියට අනුකූලව දැනට එක් අධිකරණයක් ආරම්භ කරන ලද අතර, තවත් එක් අධිකරණයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.
ඇත්තෙන්ම මා ඊයේ මේ ගැන වඩාත් හොඳින් පැහැදිලි කළා. අපි අලුතෙන් මහාධිකරණ 5ක් පිහිටුවනවා, අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය තුළ. ඒ වාගේම තව මහාධිකරණ 2ක් පිහිටුවනවා, අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයෙන් පිටත. ඒ අනුව තව මහාධිකරණ 7ක් පිහිටුවනවා. ඒ පිහිටුවන මහාධිකරණ 5හි තිබෙන වඩාත් වැදගත් දේ තමයි, ඒවා ඇතුළේ benches ඇතුළු අවශ්‍ය සියලු දේවල් හදලා තිබෙන්නේ අවශ්‍ය වෙලාවට ත්‍රිපුද්ගල මහාධිකරණ වශයෙන් කටයුතු කරන්නත්, නැත්නම් තනි පුද්ගල මහාධිකරණයක් වශයෙන් කටයුතු කරන්නත් පුළුවන් විධියටයි කියන එක. ඒ අනුව අපි බලාපොරොත්තු වනවා, මේ කටයුතු වේගවත් කරන්න. එය මේ වසර මැද වනකොට සිදු කරන්න තමයි අපි අපේක්ෂා කරන්නේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-02-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks