පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
218/2024
ගරු රෝහණ බංඩාර මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු M-class වර්ගයේ දුම්රිය එන්ජින් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එන්ජින්වල මුළු වටිනාකම කොපමණද;
(iii) එම එන්ජින් අතරින් මේ වනවිට ධාවනයට එක්කර ඇති එන්ජින් සංඛ්‍යාව හා ධාවනයෙන් ඉවත් කර ඇති එන්ජින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කර ඇති M-class දුම්රිය එන්ජින් සංඛ්‍යාව කොපමණද;
(v) ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-19
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) M-class වර්ගයේ දුම්රිය එන්ජින් 103ක් සතුව ඇත.
(ii) රුපියල් මිලියන 13,853.073යි.
(iii) ධාවනයට සුදුසු (Maintainable) එන්ජින් සංඛ්‍යාව - 98
[2025.08.13 දින ධාවනයට එක්කර ඇති එන්ජින් සංඛ්‍යාව - 50]
නඩත්තු හා අලුත්වැඩියා සඳහා තාවකාලිකව නතර කර ඇති එන්ජින් සංඛ්‍යාව - 48
ධාවනයෙන් ඉවත් කර ඇති එන්ජින් සංඛ්‍යාව - 05
(iv) 48යි
• ලුහු අලුත්වැඩියාවන් (Light repairs) සඳහා ධාවනාගාරයේ නවතා ඇති එන්ජින් සංඛ්‍යාව - 21
• බැර සහ ලුහු අලුත්වැඩියාවන් (Heavy & light repairs) සඳහා ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවල නවතා ඇති එන්ජින් සංඛ්‍යාව - 15
• කාලීන අලුත්වැඩියාවන් (Schedule repairs) සඳහා ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවල නවතා ඇති එන්ජින් සංඛ්‍යාව - 10
(v) ඔව්.
කඩිනම් අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය සේවක හිඟයක් පවතින අතර, එයට පිළියම් ලෙස නව බඳවා ගැනීම් සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතී.
එමෙන්ම, අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය අමතර උපාංග මිලදී ගැනීමට කටයුතු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | Text.privacy_policy
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks