01

E   |     |  

 දිනය: 2025-03-21   පිළිතුර ලබා දී ඇත 

0191/2025: රජය සතු සීනි සමාගම්: විස්තර

191/2024

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ රජය සතු සීනි සමාගම් සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒවායේ නම් කවරේද;

            (iii)       2022 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ප්‍රමාණය සහ ඒ සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) රජය සතු සීනි කර්මාන්තශාලාවල මේ වනවිට විකුණා ගත නොහැකිව  එක්රැස් වී ඇති සීනි ප්‍රමාණය සහ එතනෝල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-21

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      4කි.

              (ii)      1.    සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම

                         2.    ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම

                         3.    සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්ත සමාගම (ක්‍රියාත්මක අදියරයේ නොපවතී)

                         4.    කන්තලේ සීනි සමාගම (ක්‍රියාත්මක අදියරයේ නොපවතී)

(iii) ඇමුණුමෙහි දක්වා ඇත.

මෙහි වැදගත්ම දේ තමයි, අපේ රටේ ජනතාව කොච්චර සීනි ආනයනය කරලා පරිභෝජනය කරනවාද කියන එක. ඒ පිළිබඳව දැන ගන්න මම කියන්නම්. 2024 අවුරුද්දේ අපි සීනි කිලෝග්‍රෑම් කෝටි 56.4ක් ආනයනය කරලා තිබෙනවා. ඒ කියන්නේ, සීනි කිලෝග්‍රෑම්  මිලියන 564ක්. ඒකට අපි වියදම් කරලා තිබෙනවා, රුපියල් බිලියන 112ක්. අපිට දැනට තිබෙන වාර්තා අනුව, 2025 ජනවාරි හා පෙබරවාරි මාස දෙකේ ‍විතරක් සීනි කිලෝග්‍රෑම් කෝටි 14ක් -මිලියන 140ක්- අපි ආනයනය කර තිබෙනවා. ඒකට වියදම් කරලා තිබෙනවා, රුපියල් බිලියන 24ක් -මිලියන 2,4757ක්. 2022 සිට 2025 ජනවාරි හා පෙබරවාරි දක්වා තොරතුරුත් ඇමුණුමෙහි දක්වා තිබෙනවා.  ඇමුණුම පහතින් දැක්වේ.

 

ආයතනය  

2025.03.03 දිනට

සීනි ප්‍රමාණය

එතනෝල් ප්‍රමාණය

ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම

6,000MT

2,000,000l

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම

17,696 MT

350,000l

එකතුව

23,696 MT

2,350,000l

(v)            1.      අස්වැන්න වැඩි කිරීම සඳහා නව ප්‍රදේශවල වගාව පුළුල් කිරීම.

                         2.    ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම යටතේ හෙක්ටෙයාර 1,000ක හුදෙකලා උක් බීජ තවානක් ස්ථාපිත කිරීම.

                         3.    නව වගා ක්‍රම හඳුන්වා දීම. (උදා: Ladder, Ring-pit)

                         4.    පහත සඳහන් ක්‍රියාමාර්ග මඟින් අස්වැන්න වැඩි කිරීම.

  • ඒකාබද්ධ වල් පැළෑටි කළමනාකරණය, පළිබෝධ සහ රෝග පාලනය, ඒකාබද්ධ පාංශු පෝෂක කළමනාකරණය, වඩාත් සුදුසු ප්‍රභේද තෝරා ගැනීම, pH අගයන් සිතියම්ගත කිරීම, නිවැරදි වගා ක්‍රම භාවිතය, පොහොර අපතේ යෑම අඩු කිරීම, නව වාරිමාර්ග ක්‍රම හඳුන්වා දීම - drip irrigation, ජෛව පොහොර වැඩිදියුණු කිරීම - උදා: Golden wash, Liquid fertilizer, Biochar, Black gold, Growth promoter, Soil conditioner, Vermiwash (Eisenia fetida), නවෝත්පාදන හඳුන්වා දීම - යාන්ත්‍රික සිටුවීම, සයිලේජ් සකස් කිරීම, compost applicator, පාංශු කැනීම් යන්ත්‍රය, නිරවද්‍ය කෘෂි කර්මාන්තය

5. කර්මාන්තශාලා පුළුල් කිරීමේ ව්‍යාපෘතිය

  • දිනකට උක් ටොන් 2,500කින් ධාරිතාව වැඩි කිරීම
  • සීනි උකහා ගැනීමේ ප්‍රතිශතය 8 දක්වා වැඩි කිරීම
  • වසරකට සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 54,000 දක්වා වැඩි කිරීම

6. සීනි කර්මාන්තයේ තිරසරභාවය සඳහා විකුණුම් වැඩි කිරීම.

7. සීනි කර්මාන්තශාලා අලුත්වැඩියා කර නව උපාංග ලබා දීමට කටයුතු කිරීම.

8. ක්ෂේත්‍ර නිලධාරින් විසින් ගොවි මහතුන්හට උක් වගාවේ තාක්ෂණික දැනුම ලබා දෙන අතර, එමඟින් ප්‍රශස්ත අස්වැන්නක් ලබා ගැනීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks