පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-06-20
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
සමත් සංඛ්‍යාව |
|
2022 |
48,403 |
|
2023 |
50,843 |
|
2024 |
51,443 |
(ii)
|
වර්ෂය |
අඩු ආදායම්ලාභී සිසුන් සංඛ්‍යාව |
|
2022 |
19,851 |
|
2023 |
19,866 |
|
2024 |
19,848 |
(iii) 2029 වර්ෂය දක්වා ශිෂ්‍යත්ව විභාගය මේ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වන අතර, 2029 වර්ෂයෙන් පසු ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධව 2028 වර්ෂයේදී සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට සැලසුම් කර ඇත. තවද, ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම හා දරුවන්ට පීඩනයක් නොවන පරිදි විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සම්බන්ධව අධ්‍යයනයක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති අතර 2028 වර්ෂයෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධව ඉහත කමිටු වාර්තා හා විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යයන හා යෝජනා සැලකිල්ලට ගෙන කටයුතු කරනු ලැබේ.
ගරු කථානායකතුමනි, ඒ සම්බන්ධව මම පැහැදිලි කිරීමක් කරන්නම්. මේ අතරතුර කාලය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් -විභාග සංයුතිය සම්බන්ධව තිබෙන පීඩනය අඩු කිරීම සඳහා- යම් කිසි නිර්දේශ මාලාවක් සකස් කරමින් පවතිනවා, 2028 වර්ෂය දක්වා.
(iv) ඉහත (අ) (iii)හි පිළිතුරම අදාළ වේ.
(ආ) (i) 5 වසර ශිෂ්‍යත්ව විභාගය එකවර අත්හිටුවීමට කටයුතු නොකරන අතර, දැනට පාසල් අතර පවතින විෂමතා ක්‍රමානුකූලව අඩු කිරීමටත්, ශිෂ්‍යත්ව විභාගය මඟින් දරුවන් වෙත ඇති වන පීඩනය අඩු කිරීමටත් කටයුතු කරමින් පවතී. දැනට ශිෂ්‍යත්වය සමත් දරුවන් සඳහා ලබා දෙන පාසල් හා ශිෂ්‍යාධාර දීමනා සඳහා ද විකල්ප යෝජනා හඳුන්වා දෙමින් 2028 වර්ෂයෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවීම ගැන ඉහත (අ) (iii) මඟින් දක්වා ඇති ක්‍රමය තුළ සලකා බලනු ලැබේ.
(ii) ඉහත (ආ) (i) හි පිළිතුරම අදාළ වේ.
(iii) ඉහත (අ) (iii) හා (i) හි පිළිතුරම අදාළ වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks