01

E   |     |  

 දිනය: 2025-01-07   පිළිතුර ලබා දී ඇත 

0132/2025: පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්: පුරප්පාඩු

132/2024

ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති රජයේ රෝහල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම එක් එක් රෝහලේ පවතින වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය යන සේවාවල පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම පුරප්පාඩු පිරවීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iv) පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-07

අසන ලද්දේ

ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      50කි.

              (ii)      ඇමුණුමෙහි දක්වා ඇත.

                        ඇමුණුම සභාගත* කරමි.

ඒකෙන් ගරු මන්ත්‍රීතුමාට බලාගන්න පුළුවන්, ප්‍රාථමික සෞඛ්‍ය ඒකක දක්වා තිබෙන cadres සහ දැන් තිබෙන තත්ත්වය කොහොමද කියලා.

 

            (iii)      ඉදිරි බඳවා ගැනීම් සිදු කිරීමේදී මෙම රෝහල්වල පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරනු ලැබේ.

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට පේනවා ඇති, කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමේදී  පුරප්පාඩු පමණක් නොවෙයි, සමහර තැන්වල අතිරික්තයකුත් ඉන්න බව. අපි ඒ තත්ත්වය manage කරන්න කටයුතු කරනවා.

 

(iv) 1. "ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ හලාවත රෝහලේ සංවර්ධන කටයුතු සිදු කිරීම දැනට ක්‍රියාත්මක  වෙමින් පවතී.

        2. පුත්තලම දිස්ත්‍රික්කයේ, පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා පහත සඳහන් අරමුදල් සහ ව්‍යාපෘති යොදා ගැනීම.

 

  • පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන (PSDG)
  • ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර ව්‍යාපෘතිය (ADB)

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks