පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-23
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) අභ්‍යන්තර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා BoI - Board of Investment - අරමුදල් - රුපියල් මිලියන 290
2024.12.31 දක්වා දරන ලද වියදම් - බාහිර යටිතල පහසුකම් සපයා ගැනීම සඳහා
රේඛීය අමාත්‍යාංශය හරහා භාණ්ඩාගාරය වෙතින් ලද අරමුදල්
(2019 ජූලි සිට 2024.12.31 දක්වා)
රුපියල් මිලියන
* BOI වෙත ඉඩම් පවරාදීම (1 සහ 2 අදියර) - 278.00
* තුන්තොට සිට හෙට්ටියකොටුව දක්වා - 748.00
ප්‍රවේශ මාර්ගය ගොඩනැඟීම
* මූලික ජල සැපයුම - 2000 ඝන මීටර/දින - 455.53
* මූලික විදුලි සැපයුම - 2MVA - 47.00
මුළු එකතුව - 1528.53
(iii) බාහිර යටිතල පහසුකම් සංවර්ධනය
බිංගිරිය අපනයන සැකසුම් කලාපය - BgEPZ - සඳහා දෙවන අදියර ලෙස අක්කර 283ක භූමිය BOI වෙත සම්පූර්ණ අයිතිය මත මිලදී ගැනීමෙන් පසු දැනටමත් පවරා ඇති අතර, පළමු අදියරට අදාළ අක්කර 157ක් පමණ ද එයට අමතර වේ.
තුන්තොට සිට හෙට්ටියාකොටුව දක්වා ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් කරගෙන යනු ලබන අතර, මුළු දිග ප්‍රමාණය කිලෝමීටර 6.05ක් වේ. අපනයන සැකසුම් කලාපයේ අවරෝධක කලාපය තුළ ඉදිකෙරෙන වතුවත්ත සිට හෙට්ටියාකොටුව දක්වා වන මාර්ග කොටසෙහි සියයට 80ක පමණ ප්‍රමාණයක් ඇස්ෆෝල්ට් තාර දමා සම්පූර්ණ කර ඇති අතර, කිලෝමීටර 4.85ක් පමණ වන තුන්තොට සිට වතුවත්ත දක්වා කොටස සියයට 7ක පමණ සංවර්ධන ප්‍රතිශතයක පවතී. ඊට අමතරව ඒ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා 2025 වර්ෂය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් ඉල්ලුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. දිනකට ඝනමීටර් 2,000ක ජල සැපයුමක් කලාපය සඳහා මේ වනවිට ලබා දී තිබේ. පවතින ජල සැපයුම වැඩිදියුණු කිරීම සඳහා නව ජල සැපයුම් යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීමට හඳුනා ගෙන තිබේ. එමෙන්ම ඉදිරියේදී ජල සැපයුම දිනකට ඝනමීටර් 10,000ක ප්‍රමාණයක් දක්වා වැඩිදියුණු කරන්නත් සැලසුම් සකස් කරමින් තිබේ.
මෙගාවොට් 2ක විදුලි සැපයුමක් කලාපය සඳහා මේ වනවිට ලබා දීලා තිබේ. විදුලි සැපයුම මෙගාවොට් 10 දක්වා වැඩිදියුණු කිරීම සඳහා විදුලි උප පොළ ඉදිකිරීම විදුලිබල මණ්ඩලය යටතේ මේ වනවිට ආරම්භ කර තිබේ.
අභ්‍යන්තර යටිතල පහසුකම් සංවර්ධනය
2025දී මාර්ග මතුපිට වැඩ නිම කිරීම සඳහා ආයෝජන මණ්ඩලය - BoI එක - සැලසුම් කර තිබේ.
අභ්‍යන්තර ජල විතරණ ජාලය දැනටමත් අවසන් කර ඇති අතර, බිංගිරිය කලාපයේ ආයෝජකයන්ට එම ජල සම්බන්ධතා ලබා දීලා තිබේ.
අභ්‍යන්තර විදුලි විතරණ ජාලය දැනටමත් සම්පූර්ණ කර ඇති අතර, ආරම්භක ඉල්ලුම වන මෙගාවොට් 10 ලබා ගත හැකි වේ. පළමු අදියර සහ දෙවන අදියර සඳහා වන මුළු විදුලි සැපයුම මෙගාවොට් 20 දක්වා වර්ධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟ වී තිබේ.
පළමු අදියර සඳහා මීටර් 3,625ක් දිග ආරක්ෂිත වැට දැනටමත් සම්පූර්ණ කර ඇත. ප්‍රධාන ප්‍රවේශ ද්වාරය සහ ඉතිරි ආරක්ෂිත වැට 2025දී සම්පූර්ණ කිරීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks