පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-09
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පෞද්ගලික විදුලි බලාගාර සංඛ්‍යාව 343කි. (යුගදනවි සහ සොබාදනවි බලාගාර ද ඇතුළත්ව)
(ii) පෞද්ගලික තාප බලාගාර වන යුගදනවි සහ සොබාදනවි බලාගාරවල හිමිකරුවන් පිළිවෙළින් වෙස්ට් කෝස්ට් පුද්ගලික සමාගම හා සොබාදනවි පුද්ගලික සමාගම වන අතර පුද්ගලික සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති බලාගාර හා ඒවායෙහි හිමිකරුවන්ගේ විස්තර ඇමුණුම 1හි දක්වා ඇත.
(iii) විස්තර ඇමුණුම 1හි දක්වා ඇත.
(iv) 2015 සිට මේ දක්වා එක් එක් බලාගාරයෙන් මිලට ගන්නා ලද වාර්ෂික විදුලි ඒකක සංඛ්‍යාව හා ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල ඇමුණුම 2 මඟින් ඉදිරිපත් කර ඇත.
ඇමුණුම් 1 සහ 2 සභාගත* කරමි.
(ආ) (i) විවිධ වර්ගයේ පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම, විවිධ ගිවිසුම් යටතේ සිදු වන අතර, මෙගාවොට් 10ට අඩු පුනර්ජනනීය විදුලි බලාගාරවලින් Standardized Power Purchase Agreement (SPPA) එකක් ද, ටෙන්ඩර් පටිපාටිය යටතේ විදුලිය මිලදී ගන්නා කුඩා බලාගාර සඳහා මීට සමාන ගිවිසුමක් ද භාවිත කරයි. මෙම බලාගාර "must run" ක්‍රමය අනුව ක්‍රියාත්මක කරන නිසා බලාගාරය විසින් ජනනය කර මණ්ඩලය වෙත සපයන විදුලි පරිමාව සඳහා පමණක් මුදල් ගෙවීම සිදු කරන අතර Deemed Energy සඳහා මුදල් ගෙවීමේ ක්‍රමයක් අදාළ නොවේ.
මීට අමතරව විශාල පරිමාණයේ පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා ඉහත ගිවිසුමට වඩා කොන්දේසි ඇතුළත් සවිස්තර ගිවිසුමක් භාවිත කරයි. Public-Private Partnership - PPP - ක්‍රමවේදය ඇතුළත්ව ramp rate for power up/down, payments for deemed energy, buy-out options, liquidated damages for not supplying minimum guaranteed energy යනාදී වශයෙන් සවිස්තර ගිවිසුමක් අදාළ වේ.
LNG විදුලි බලාගාර සඳහා වන විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්වලට අදාළ මිල ගණන් ලංකා විදුලිබල මණ්ඩලයට අහිතකර නොවන අතර, තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් හරහා සුරක්ෂිත කර ඇත. දැනට LNG නොමැති වීම නිසා ඉන්ධන සැපයුම්දාමයට බාධා ඇති වුවහොත් බලශක්ති සුරක්ෂිතතාවයේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ගිවිසුම් ද්විත්ව ඉන්ධන පදනම මත ව්‍යුහගත කර ඇත.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks