පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
96/2024
ගරු චාමර සම්පත් දසනායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගියදා ඇමරිකාවේ වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඔවුන්ගේ ගුවන් ටිකට්පත් වියදම් හා ගමන් වියදම් සඳහා වැය කරන ලද මුදල එක්සත් ජනපද ඩොලර්වලින් සහ ශ්‍රී ලංකා රුපියල්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත සාකච්ඡාවලදී ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන සමාගම් සඳහා ගෙවන ලද මුදල කොපමණද;
(iv) ඉහත සාකච්ඡා මඟින් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිලාභ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-12-17
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
ආයතනය |
සහභාගි වූ නිලධාරින් සංඛ්‍යාව |
|
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය |
නිලධාරින් 04 |
|
ශ්‍රී ලංකා මහ බැංකුව |
නිලධාරින් 05 |
(ii) එම වියදම් සඳහා ගුවන් ටිකට්පත්වලට රුපියල් මිලියන 7.05කුත්, ගමන් වියදම් සඳහා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 38,587කුත් වෙන් කර තිබෙනවා.
|
ආයතනය |
ගුවන් ටිකට් පත්‍ර සහ රක්ෂණ සඳහා ගෙවීම (රු. මි.) |
ගමන් වියදම් හා සංයුක්ත දීමනා (ඇ.එ.ජ. ඩොලර්) |
|
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය (දින 16ක් සඳහා) |
1.89 |
21,298 |
|
ශ්‍රී ලංකා මහ බැංකුව (දින 07ක් සඳහා) |
5.16 |
17,289 |
(iii) ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන සමාගම් සඳහා වෙනම වියදමක් මේ අවස්ථාවේ දරලා නැහැ. ඒකට හේතුව තමයි, ඔවුන්ගෙන් ලැබෙන සේවය සඳහා agreement එකක් හරහා තමයි මුදල් ගෙවන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී කිසිදු ගෙවීමක් ඒ වෙනුවෙන් සිදු වෙලා නැහැ.
(iv) එම සාකච්ඡාවට සහභාගීවීම තුළින් ශ්‍රී ලංකාවට ලැබිලා තිබෙන සහ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන ප්‍රතිලාභ ගැන කිව්වොත්, විස්තීර්ණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ සබඳතාව තවදුරටත් ශක්තිමත් වීම, මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබා ගැනීම, ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ හොඳම භාවිතයන් - best practices - සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පෙළගැස්වීම, ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වය සහ ආයෝජකයන් තුළ විශ්වාසය ඉහළ නැංවීම මෙන්ම දිගු කාලීන ප්‍රතිලාභ අත්පත් කර ගැනීමත් තමයි අප අපේක්ෂා කරන්නේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-12-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks