පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
94/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රට තුළ නිෂ්පාදනය කරන ආහාර භෝගවලට වන සතුන් විසින් සිදු කරනු ලබන හානිය තක්සේරු කර තිබේද;
(ii) එසේ නම්, එම හානිය වී, එළවළු සහ පළතුරු යන එක් එක් භෝගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ආහාර භෝග සඳහා වැඩි වශයෙන් හානි කරනු ලබන වන සතුන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-23
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වනසතුන්ගෙන් සිදු වූ වගා හානි ප්‍රමාණය සම්බන්ධ තක්සේරු කිරීමක් මෑතකදී මෙම අමාත්‍යාංශය මැදිහත්ව සිදු කර නොමැත.
සාමාන්‍යයෙන් නියඟය, ගංවතුර වැනි ස්වාභාවික විපත් හා වනඅලින්ගෙන් සිදුවන වගා හානිවලින් සිදුවන අලාභ ගණනය කිරීමක් සිදු කළද නිරන්තරයෙන් සිදුවන රිළවා, වඳුරා, දඬුලේනා, වල් ඌරා හා ඉත්තෑවා වැනි වනසතුන්ගෙන් වන වගා හානි පිළිබඳ ජාතික මට්ටමින් අලාභ ගණනය කිරීමක් සිදු නොවේ.
(ii) කෘෂිකර්මාන්තයේ වනසත්ව හානි සම්බන්ධයෙන් 2022 වර්ෂයේදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය මඟින් අර්ධ වාර්ෂික දළ තක්සේරුවක් සිදුකර ඇත.
ඒ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ගොවිජන සංවර්ධන බලප්‍රදේශ 464ක් ආවරණය කළ දත්ත හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය වෙත ලබා දෙන ලදී. 2021/22 මහ කන්නය සඳහා වී සහ අනෙකුත් බෝගවලට අදාළ දත්ත මෙන්ම 2022 වර්ෂයේ ජනවාරි සිට ජුනි දක්වා කාලය සඳහා පොල් සහ අනෙකුත් බහුවාර්ෂික බෝගවලට අදාළ දත්ත ඊට ඇතුළත් විය.
බෝග/බෝග කාණ්ඩය අනුව වනසත්ව හානි වාර්තා වූ වපසරිය සහ බෝග/බෝග කාණ්ඩවල වපසරියට සාපේක්ෂව ඒවායේ ප්‍රතිශත අගයන්
සවිස්තර තොරතුරු පසුබිම් වාර්තාවට** ඇතුළත් කර ඇත.
(iii) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වනසත්ව හානි කළමනාකරණය සඳහා වන කමිටුවේ අවධානය අනුව, සුලභ හා පීඩාකාරී වනසතුන් පහත පරිදි වර්ගීකරණය කළ හැකිය.
* වගා භූමිය වෙත ඉහළින් ප්‍රවිෂ්ට වන වනසතුන්
රිළවා, වඳුරා, දඬු ලේනා, මොනරා
* වගා භූමිය වෙත පොළොව මතුපිටින් ප්‍රවිෂ්ට වන වනසතුන්
* ප්‍රවිෂ්ටය ගොවීන්ගේ මට්ටමින් පාලනය කිරීම අපහසු වනසතුන්
අලියා
* ප්‍රවිෂ්ටය ගොවීන්ගේ මට්ටමින් පාලනයට යම් හෝ හැකියාවක් සහිත වනසතුන්
ඉත්තෑවා, වල් ඌරා
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks