පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
85/2024
ගරු කිංස් නෙල්සන් මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පවතින වී තොග සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් වාර්තාවක් කැඳවූ දිනය කවරේද;
(ii) එම වාර්තාවට අනුව වී තොග පවත්වාගෙන යනු ලබන ආයතන/පුද්ගලයන් කවරේද;
(iii) එම එක් එක් ආයතනය/පුද්ගලයා පවත්වාගෙන යනු ලබන වී තොග ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) සහල් මිල පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-12-17
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024.10.25
(ii) 2024.11.05 දින වාර්තාවට අනුව දිස්ත්‍රික්ක 20ක් සඳහා එම දිස්ත්‍රික්කයන්හි වී මෝල් පරීක්ෂා කර එහි පැවති නාඩු, සම්බා, කීරි සම්බා සහ අනෙකුත් වීවල පවතින තොගය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙන් ලබා ගන්නා ලද දත්ත මේ සමඟ අමුණා ඇත. එය ඇමුණුම 01** ලෙස දක්වා ඇත. එම දිස්ත්‍රික්කයන්හි පිහිටි සහල් මෝල් නම් වශයෙන් මේ සමඟ සීඩී තැටියක් මඟින් ඇමුණුම 02** ලෙස දක්වා ඇත.
(iii) ඉහත (ii) පිළිතුරේ ඇමුණුම අදාළ වේ.
(iv) සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සම්බන්ධයෙන් 2024.12.09 වන දින අංක 2414/02 සහ 2414/04 දරන ගැසට් පත්‍ර නිකුත් කර ඇත. එසේම, වෙළෙඳ පොළ තුළ උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළෙඳ සැල් සම්බන්ධයෙන් අඛණ්ඩ වැටලීම් සිදු කිරීමට ද කටයුතු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-12-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks