logo

03

E   |     |  

 දිනය: 2025-01-24   පිළිතුර ලබා දී ඇත 

0070/2025: මඩකලපුව සී-නෝර් නිවාස යෝජනා ක්‍රමය: හිමිකම් ඔප්පු ලබා දීම

70/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       (i)     මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර්-පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කලුවන්කේනි-2 ප්‍රදේශයේ, සී-නෝර් නිවාස යෝජනා ක්‍රමය නමින් නිවාස යෝජනා ක්‍රමයක් 1982 වර්ෂයේදී ඉදිකරන ලද බව දන්නේද;

(ii) එම නිවාස/ඉඩම් සඳහා හිමිකම් ඔප්පු මේ දක්වා ලබා දී නොමැති වීම හේතුවෙන් එම නිවාස/ඉඩම්වලට විදුලිය සහ පානීය ජල පහසුකම් ලබා ගැනීමේදී ඒවායේ පදිංචිකරුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බව දන්නේද;

(iii) එසේ නම්, එම නිවාස/ඉඩම්වලට හිමිකම් ඔප්පු ලබා දීමට පියවර ගන්නේද;

(iv) එම ඔප්පු ලබා දෙන කාල වකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-01-24

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      නැත.

                        එම සී-නෝර් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති ඉඩම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් හෝ පවරා ගැනීමට නියමිත ඉඩමක් නොවන බැවින් නිවාසලාභීන් වෙත ඔප්පු ලබා දීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පියවර ගැනීමේ හැකියාවක් නැහැ.

             (iii)      කටයුතු කළ නොහැකියි.

(iv) අදාළ නොවේ.

(ආ) නෝර්වේ රජයේ මුදල් ආධාරයෙන් එවකට ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් සඳහා තාක්ෂණික උපදෙස් පමණක් ලබා දී ඇති බැවින් හා පෞද්ගලික ඉඩමක මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර ඇති බැවින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් නිවාසලාභීන් වෙත ඔප්පු ලබා දීමේ හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් තවදුරටත් දන්වා සිටී.

 

පිළිතුරු දුන් දිනය

2025-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks