01

E   |     |  

 දිනය: 2025-01-22   පිළිතුර ලබා දී ඇත 

0068/2025: වවුනතිව් නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම්: නිම නොවීම

68/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       පසුගිය යහපාලන රජය සමයේ මඩකලපුව මන්මුනෙයි-බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වවුනතීවුහි නිවාස ඒකක 50කට අධික සංඛ්‍යාවකින් සමන්විත නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකරන ලද බවත්;

(ii) එහි ඇති සමහර නිවාසවල ඉදිකිරීම් අවසන් කර ඇතත් සමහර නිවාසවල ඉදිකිරීම් මේ දක්වා අවසන් කර නොමැති බවත්;

(iii) ඉන් පසුව බලයට පැමිණි රජයන් විසින් එම නිවාස නැවත ප්‍රතිසංස්කරණය කර ජනතාවට ලබා  නොදුන් බවත්;

(iv) ඒ අනුව, වර්ෂ 8කට වඩා අධික කාලයක සිට එම ප්‍රදේශයේ ජනතාව ඒ හේතුවෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවත්;‍

එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, ඉහත නිවාස යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන් නිම කිරීම සඳහා  පියවර ගන්නේද;

(ii) එසේ නිම කරනු ලබන කාල වකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-01-22

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

            (iii)      ඔව්.

             (iv)      ඔව්.

(ආ)         (i)      මෙම ව්‍යාපෘති නිම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය ද ලැබී තිබෙනවා. ඒ අනුව භාණ්ඩාගාරය වෙතින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන් පසු මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියේදී සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා.

මීට අමතරව, මේ පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වන පස් අවුරුදු සැලැස්මට ද ඇතුළත් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ ලැබී ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් කෝරළේ පත්තු උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොමතලමඩු නිවාස 20ක් හා එ‍රාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොප්පවේලි -ii, තුම්පලාංචෝලෛ ආදර්ශ ගම්මානයේ නිවාස 25ක් සහ මාන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔලිමඩු ආදර්ශ ගම්මානයේ නිවාස 05ක් මේ වන විට නිම කරමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වාර්තා කර තිබෙනවා.

(ii) මේ මොහොත වන විට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී නැහැ. නමුත් ඉදිරියේදී ලැබෙන ප්‍රතිපාදන අනුව මේ නිවාස ව්‍යාපෘතියේ කටයුතු නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා නිශ්චිත කාල සීමාවක් සඳහන් කරන්න අපහසුයි.

(ඇ) අදාළ නොවේ.

 

 

 

පිළිතුරු දුන් දිනය

2025-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks