පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
60/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ නීතිවේදී උපාධිය ප්‍රදානය කරනු ලබන රජයේ විශ්වවිද්‍යාල සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) 2020 වර්ෂයේ සිට මේ දක්වා එම විශ්වවිද්‍යාලවලින් නීතිවේදී උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිධාරීන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) වෙනත් විශ්වවිද්‍යාල කිහිපයකද නීති අධ්‍යයන අංශ ස්ථාපිත කර නීති අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-10
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වන විට ශ්‍රී ලංකාවේ නීතිවේදී උපාධිය ප්‍රදානය කරනු ලබන රජයේ විශ්වවිද්‍යාල සංඛ්‍යාව 04කි.
(ii) 1. කොළඹ විශ්වවිද්‍යාලය
2. පේරාදෙණිය විශ්වවිද්‍යාලය
3. යාපනය විශ්වවිද්‍යාලය
4. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
(iii)
|
වර්ෂය |
කොළඹ විශ්ව විද්‍යාලය |
පේරාදෙණිය විශ්ව විද්‍යාලය |
යාපනය විශ්ව විද්‍යාලය |
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය(2) |
|
2020 |
213 |
50 |
45 |
506 |
|
2021 |
- |
52 |
50 |
646 |
|
2022 |
249 |
51 |
48 |
- |
|
2023 |
240 |
44 |
69 |
473 |
(iv) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ නීති අධ්‍යයන අංශයක් ස්ථාපිත කිරීම සඳහා මේ වන විට යෝජනාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කර ඇත. එම යෝජනාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා තත්ත්ව සහතික හා ප්‍රතීතන කවුන්සලය මඟින් නිර්දේශ ලබා දීම - Review Process - සඳහා කටයුතු කෙරෙමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks