04

E   |     |  

 දිනය: 2026-02-19   පිළිතුර ලබා දී ඇත 

0022/2026: උපරිම මිලට වඩා වැඩි මිලට පාරිභෝගික භාණ්ඩ විකිණීම: වැලැක්වීමට ගත් පියවර

----

අසන ලද දිනය

2026-02-19

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)           (i)      පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

              (ii)      පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2025 වර්ෂය තුළ දිවයින පුරා මුළු වැටලීම් 23,089ක් සිදු කර ඇත. ඒ අනුව, එම ආයතනය විසින් මාසිකව සාමාන්‍යයෙන් සිදු කරන වැටලීම් සංඛ්‍යාව 1,924ක් පමණ වේ.

    (iii)      •      2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කරන ලද, 2021 අංක 20 දරන (සංශෝධන) පනත අනුව භාණ්ඩ වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් පහත දඬුවම් නියම කළ හැකිය.

• තනි පුද්ගලයෙකු සඳහා (පළමු වරද): රු. 100,000 සිට රු. 500,000 දක්වා දඩයක් හෝ මාස 6 දක්වා සිර දඬුවමක් හෝ මේ දෙකම.

• තනි පුද්ගලයෙකු සඳහා (නැවත කරන වරදක්): රු. 200,000 සිට රු. 1,000,000 දක්වා දඩයක් හෝ වසර 1 දක්වා සිර දඬුවමක් හෝ මේ දෙකම.

• සමාගමක් සඳහා (පළමු වරද): රු. 500,000 සිට රු. 5,000,000 දක්වා දඩයක්.

• සමාගමක් සඳහා (නැවත කරන වරදක්): රු. 1,000,000 සිට රු. 10,000,000 දක්වා දඩයක්.

(iv) දිගින් දිගටම නීතිය උල්ලංඝනය කරන වෙළෙන්දන් සඳහා ඉහත සඳහන් කළ පරිදි "නැවත කරන වැරදි" - subsequent offences - යටතේ වැඩි කරන ලද දඩ මුදල් සහ සිර දඬුවම් ලබා දීමට අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks