පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-04-23
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගරු මන්ත්‍රීතුමනි, මෙම ඉඩම් ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව දීර්ඝ පිළිතුරක් තිබෙනවා. මම ඔබතුමාට කෙටියෙන් උත්තරයක් දෙන්නම්. ඉඩම් ලබා දෙන්නේ දීර්ඝ කාලීන බදු පදනම මත, නැත්නම් ඇමතිවරයාගේ වරණීය පදනම මත, එහෙම නැත්නම් ටෙන්ඩර් හෝ වෙන්දේසි කිරීමෙන්. ඒවා තමයි ඒ ක්‍රම තුන.
ප්‍රශ්නයේ (අ) (i) සඳහා තිබෙන එම විස්තරාත්මක පිළිතුර මම සභාගත* කරනවා.
* සභා මේසය මත තබන ලද (අ) (i) කොටසට පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட (அ)(i)இன் விடை :
* Answer to a(i) tabled
අධිකාරියේ ඉඩම් පරිහරණ සැලැස්මට අනුව ව්‍යාපෘති සඳහා හඳුනා ගත් ඉඩම් විධිමත් පරිදි ඇගයීමට ලක් කර හඳුනා ගත් ව්‍යාපෘති සඳහා සුදුසු ආයෝජකයන් වෙත රජයේ ඉඩම් ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කිරීමට කටයුතු කෙරේ. මහවැලි අධිකාරිය මඟින් පරිපාලනය වන ඉඩම් සැලසුම් කිරීමේදී ඉඩම් පරිහරණ සැලසුම් අංශය විසින් ආයෝජන ව්‍යාපෘති සඳහා වෙන් කරන ආයෝජන ඉඩම් පළමුව හඳුනා ගනු ලබයි. ඉන්පසු පුවත් පත් දැන්වීම් මඟින් ටෙන්ඩර් පටිපාටිය යටතේ අභිලාෂ කැඳවීම මඟින් සුදුසු ආයෝජකයන් කැඳවනු ලැබේ.
මෙහිදී ජාතික වශයෙන් සුවිශේෂී වූ අන්‍යෝන්‍ය වැදගත්කමින් යුතු ව්‍යාපෘතීන් පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව වරණීය පදනම මත තෝරා ගනු ලැබේ. ඉහත මෙම ව්‍යාපෘතීන් සඳහා අදාළ අනුමැතීන් අදාළ කලාපයේ භෞතික සැලසුම් කමිටුවක් හා ආයෝජන ඉඩම් අනුමැතිය කමිටුවක් මඟින් ගනු ලැබේ. මෙම අනුමැතිය ලබා ගත් පසු අදාළ ඉඩම බදු පදනම මත බැහැර කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත් පසු රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන මත විෂය භාර අමාත්‍යතුමාගේ බදු අනුමැතිය ලබාගෙන දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් බැහැර කෙරේ.
(අ) (ii) ඩෝල් ලංකා සමාගම වෙත වලව කලාපයේ චන්ද්‍රිකා වැව කොට්ඨාසයෙන් ඉඩම් බැහැර කිරීමක් සිදුකර නොමැත. විටා ඕගනික් සමාගම වෙත අක්කර 39ක්, ඉඩම් කැබලි දෙකක් කෙසෙල් වගා ව්‍යාපෘතියක් සඳහා ලබා දී ඇත.
(iii) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ව්‍යාපෘති සඳහා ඉඩම් බැහැර කිරීමේදී නිසි ක්‍රමය අනුගමනය කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks