පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2584/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) නැගෙනහිර පළාතේ විදුලිය නොමැති ගම්මාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගම්මානවල නම් කවරේද;
යන්න දිස්ත්‍රික්ක මට්ටමින්, වෙන් වෙන් වශයෙන් එතුමිය සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් විදුලිය නොමැති ගම්මානවලට කවර කාල සීමාවක් තුළදී විදුලිය ලබාදීමට කටයුතු කරන්නේද;
(ii) 2012 වර්ෂය තුළදී නැගෙනහිර පළාතේ විදුලිය නොමැති සියලුම ගම්මානවලට විදුලිය ලබාදීමේ හැකියාවක් තිබුණේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-23
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැඟෙනහිර පළාතේ විදුලිය නොමැති ගම්මාන සංඛ්‍යාව 92කි. එය පහත සඳහන් වේ.
· අම්පාර දිස්ත්‍රික්කය - 36
· මඩකලපුව දිස්ත්‍රික්කය - 47
· ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 09
(ii) දිස්ත්‍රික්ක වශයෙන් විදුලිය සම්පූර්ණයෙන්ම නොමැති ගම්මානවල නම් ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) ඇමුණුමෙහි සඳහන් විදුලිය නොමැති සියලුම ගම්මානවලට 2014 වසර අවසාන වන විට විදුලිය ලබා දිය හැක.
(ii) 2012 වසර තුළදී නැඟෙනහිර පළාතේ එකී සියලුම ගම්මානවලට විදුලිය ලබා දීමට සැලසුම් කර තිබුණු නමුත් ඉරාන රජයේ ණය මුදල් යටතේ ලැබිය යුතුව තිබූ උපකරණ රාශියක් දැනට ඉරානයට පවතින ආර්ථික සම්බාධක නිසා කලට වේලාවට නොලැබීමේ හේතුවෙන් නැඟෙනහිර පළාතේ සෑම ගම්මානයකටම 2012 වර්ෂය තුළදී විදුලිය ලබා දීමේ ඉලක්කය සම්පූර්ණ කළ නොහැකි විය.
මෙම ඉලක්කය 2014 වර්ෂය තුළ සම්පූර්ණ කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියා කරනු ඇත.
(ඇ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2014-04-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks