පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2574/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතීන් සුරක්‍ෂා කරන කාන්තා ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත්කර තිබේද;
(ii) කාන්තාවන්ගේ අයිතීන් සුරක්‍ෂා කිරීම උදෙසා මෙම ප්‍රඥප්තියේ අඩංගු මූලික ගුණාංගයන් කවරේද;
(iii) ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තියට නීතිමය බලයක් ලබාදීමට කටයුතු කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-21
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) රජය විසින් කාන්තාවන්ගේ පූර්ණ සංවර්ධනය හා අභිවර්ධනය සහතික කරනු පිණිස ව්‍යවස්ථා ප්‍රඥාපනය කිරීම ඇතුළුව දේශපාලනය, ආර්ථික, සමාජයීය, සංස්කෘතික යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි රටේ දේශපාලනිකව පොදු ජීවිතයට මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශ යන ක්ෂේත්‍රවලදී ගුරු කොට ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්තිමය කාරණාවන් කාන්තා ප්‍රඥප්තියේ අඩංගු වීම මූලික ගුණාංගය වේ.
* කාන්තා ප්‍රඥප්තිය මඟින් කාන්තාවන්ට පුරුෂ පක්ෂය හා සමාන පදනමක් මත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති ආකාරය ප්‍රඥප්තියේ පළමුවන කොටසේ 2,3,4,5,6 වගන්තිවලින් ප්‍රකාශයට පත් කර ඇත.
* එසේම පවුල් ඒකකය තුළ අයිතිවාසිකම් සහ අධ්‍යාපනය සහ පුහුණුවට ඇති අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 7 සිට 9 වගන්තිවලින් ප්‍රකාශයට පත් කර ඇත.
* ආර්ථික කටයුතුවලට සහ එහි ප්‍රතිලාභවලට ඇති අයිතිය ප්‍රඥප්තියේ 10 සිට 12 දක්වා වගන්තිවලින්ද සෞඛ්‍ය ආරක්ෂාව හා පෝෂණයට ඇති අයිතිය 13වන වගන්තියෙන්ද ප්‍රකාශයට පත් කර ඇත.
* සමාජ වෙනස්කම්වලින් ආරක්ෂා වීමේ අයිතිය සහ ස්ත්‍රී පුරුෂ භේදයෙන් ඇති වන සැහැසි ක්‍රියාවලින් ආරක්ෂා කිරීමේ අයිතීන් පිළිවෙළින් 13 සිට 16 දක්වා වගන්තිවලින් ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති සකසා තිබීම උක්ත කාරණා ප්‍රඥප්තියේ මූලික ගුණාංගයන් වේ.
(iii) ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තියට නීතිමය බලයක් ලබා දීම අරමුණු කර කාන්තා කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් සකස් කර රජයේ අවධානය සඳහා යොමු කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks