04

E   |     |  

 දිනය: 2013-05-10   පිළිතුර ලබා දී ඇත 

2559/2013: අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය : වෙන් කළ මුදල

2559/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       2005, 2006, 2007, 2008, 2009, සහ 2010 යන එක් එක් වර්ෂයේදී අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ සමස්ත මුදල එම වර්ෂයන්හිදී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස  වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ඉහත පරිදි වෙන් කළ දළ දේශීය නිෂ්පාදනයේ  ප්‍රතිශතයන් ඒ සඳහා ප්‍රමාණවත්වී තිබේද;

(iii) අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින වත්මන් තත්ත්වය අනුව එහි දියුණුව උදෙසා දැනට වඩා වැඩි මුදලක් වෙන් කළ යුතු බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-05-10

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i)

 

 

Year වර්ෂය

2005

2006

2007

2008

2009

2010

Total Education Expenditure 

(Rs. Mn) අධ්‍යාපනය සඳහා වියදම(රු.මි.)

52347

66345

83973

84783

90826

96633

Gross Domestic Product  (Rs. Mn)  දළ දේශීය නිෂ්පාදිතය  (රු.මි.)

2452782

2938656

3578688

4410682

4835293

5604104

% by GDP    දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස

2.134

2.258

2.346

1.922

1.878

1.724

(ii) වෙනස් කරන ලද ප්‍රතිශතයන් භාවිතා කර අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සාධාරණීය සංවර්ධනයක් කිරීමට හැකි වී තිබේ. 2005 සිට 2010 කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වී ති‍බෙන සංවර්ධනය පහත සඳහන් 1වන වගුවේ අධ්‍යාපන දර්ශකවලින් මනාව පැහැදිලි වේ.

 

                        දකුණු ආසියානු රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් දරන තැන මෙහි 2 වන වගුවෙන් දැක් වේ.

 

ගුරු සිසු අනුපාතය

 

රට

අනුපාතය

ශ්‍රී ලංකාව

17:1

නේපාලය

32:1

පාකිස්තානය

40:1

බංග්ලාදේශය

43:1

 

ප්‍රාථමික චක්‍රය සම්පුර්ණ කරන ශිෂ්‍ය අනුපාතය

 

රට

අනුපාතය

ඕස්ට්‍රේලියාව

98.1%

ශ්‍රී ලංකාව

99.5%

ජර්මනිය

100.0%

(iii) ඔව්.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ද්වීතීයික පාසල් 1,000ක් ඇති කිරීමේ වැඩසටහන දැනට ක්‍රියාවට නංවා ඇත. මේ සඳහා අතිරේක ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 15,000ක් ලබා ගැනීම සඳහා කටයුතු කර ඇත.

ඉන් කොටසක් දැනටමත් ලැබී ඇති අතර ඉතිරි කොටස ඉදිරියේදී ලැබීමට නියමිතය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා විශේෂයෙන් මේ දවස්වල ද්විතීයික පාසල් 1000ක්, ඒ වාගේම තාක්ෂණවේදය විෂය ආරම්භ කිරීමට නියමිත විද්‍යාගාර ඒකක 251ක් ඉදිකිරීම සඳහා විශේෂයෙන් තවත් මුදල් වෙන් කළ යුතු බව  පිළිගන්නවා.

 (ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-06-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks