පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2545/’12
ගරු අනුර දිසානායක මහතා,— පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කොළඹ දක්වා කොටසේ මගී ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා දී ඇති පෞද්ගලික බස් රථ සංඛ්‍යාව කොපමණද;
(ii) එම බලපත්‍ර ලබා දී ඇති පදනම කවරේද;
(iii) එක් බලපත්‍රයක් ලබාගැනීමට වාර්ෂිකව ගෙවිය යුතු මුදල කොපමණද;
(iv) එම බස් ධාවනය සඳහා සකස්කර ඇති ධාවන කාලසටහන කුමක්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-16
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුද්ගලික ප්‍රවාහන සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු සී.බී. රත්නායක මහතා
(மாண்புமிகு சீ. பி. ரத்நாயக்க )
(The Hon. C.B. Rathnayake)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ගාල්ල - කොළඹ අධි සුඛෝපභෝගී මගී සේවා අවසර පත්‍ර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබා දී නොමැති අතර, ගාල්ල - කොට්ටාව මගී සේවා අවසර පත්‍ර 13ක් ලබා දී ඇත.
(ii) දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී සේවා අවසර පත්‍ර 05ක් ටෙන්ඩර් ක්‍රමය යටතේ ලබා දී ඇත.
ඉන් අනතුරුව මෙම මාර්ගයේ පවත්වන ලද සමීක්ෂණ ප්‍රතිඵල අනුව මගී අවශ්‍යතාවට සරිලන පරිදි බස් රථ යෙදවීමේ අවශ්‍යතාව සලකා ටෙන්ඩර් මඟින් ලබා දුන් බලපත්‍ර පහ (5) ලබා දී තිබූ වැඩිම ලංසුවට වෙනත් වලංගු බලපත්‍ර සඳහා මාර්ග හා සේවා සංශෝධන කර කොට්ටාව - ගාල්ල මාර්ගයට බලපත්‍ර සංශෝධන වශයෙන් ලබා දෙන ලදී.
(iii)
|
අනු අංක |
එන්ටිසි අංක |
බස්රථ අංක |
වාර්ෂිකව ගෙවිය යුතු මුදල |
|
01 |
12782 |
NB-0754 |
625,000.00 |
|
02 |
12816 |
NB-1456 |
740,000.00 |
|
03 |
12805 |
NB-2243 |
740,000.00 |
|
04 |
12783 |
NB-2246 |
610,000.00 |
|
05 |
12806 |
NB-2563 |
740,000.00 |
|
06 |
12807 |
NB-2602 |
740,000.00 |
|
07 |
12808 |
NB-2669 |
740,000.00 |
|
08 |
12817 |
NB-2714 |
740,000.00 |
|
09 |
12814 |
NB-2750 |
740,000.00 |
|
10 |
12826 |
NB-2799 |
740,000.00 |
|
11 |
12856 |
NB-3065 |
610,000.00 |
|
12 |
12745 |
NB-3272 |
740,000.00 |
|
13 |
12778 |
NB-0755 |
700,000.00 |
(iv) එම බස් ධාවනය සඳහා සකසා ඇති ධාවන කාල සටහන පිළිබඳව දිග විස්තරයක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමා. ඒක ඔබතුමාට ලබා දෙන්න පුළුවන්. ධාවන කාලසටහන පිළිබඳ තොරතුරු ඇතුළත් ඒකාබද්ධ චක්‍රීය කාලසටහන මා සභාගත* කරනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks