පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2543/’12
ගරු අනුර දිසානායක මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ධාවනය වන දුම්රියවලට දුම්රිය මැදිරි අමුණාගෙන යාමට පෞද්ගලික සමාගම්වලට අවසර ලබාදී තිබේද;
(ii) එසේ නම්, එම සමාගම්වල නම් කවරේද;
(iii) එම සමාගම් තෝරාගනු ලැබූ පදනම කවරේද;
(iv) එම එක් එක් සමාගමට අමුණාගෙන යෑම සඳහා අවසර ලබාදී ඇති දුම්රිය මැදිරි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) පෞද්ගලික සමාගම් සතු දුම්රිය මැදිරියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීමට අයකරනු ලබන ගාස්තුව එක් එක් සමාගම අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) අයකරනු ලබන එම මුදලින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල කොපමණද;
(iii) පෞද්ගලික සමාගම් විසින් අමුණා ධාවනය කරනු ලබන දුම්රිය මැදිරි එම සමාගම් විසින්ම ආනයනය කරනු ලැබූ ඒවාද;
(iv) නොඑසේ නම්, ඒවායේ පෙර අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබුනේද;
(v) එසේ නම්, පෞද්ගලික සමාගම් වෙත එම මැදිරි පැවරීම ටෙන්ඩර් කැඳවීමකින් පසුව සිදු කළේද;
(vi) එසේ නම්, එම මැදිරි ලබා දුන් මිල ගණන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-16
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු රෝහණ දිසානායක මහතා (ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு ரோஹண திசாநாயக்க - போக்குவரத்து பிரதி அமைச்சர்)
(The Hon. Rohana Dissanayake - Deputy Minister of Transport)
ගරු කථානායකතුමනි, ප්‍රවාහන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ඔව්.
(ii) ආයතන දෙකකි.
එක්ස්පෝ කන්සොලිඩේටස් (පුද්ගලික) සමාගම සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ පීවී. 2050 යටතේ ලියාපදිංචි වූ සමාගමකි.
බ්ලූ ලයින් ආයතනය
ලියාපදිංචි අංක W/A 93376 යටතේ 2011.03.29 දින පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය; බස්නාහිර පළාත යටතේ ලියාපදිංචි වී ඇත.
(iii) දුම්රියවල ගමන් කරන මගී ජනතාවට ඉතා උසස් සේවාවක් ඉටු කිරීම සඳහා දුම්රිය සුඛෝපභෝගී මැදිරි හඳුන්වා දීමේ අවශ්‍යතාවක් ඇති වී තිබුණි.
මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය මට්ටමෙන් සක්‍යතාව ඇති පෞද්ගලික ආයතන දෙකෙහි එකඟතාව මත ගිවිසුම් සහගතව ධාවනය වන දුම්රියවලට සුඛෝපභෝගී මැදිරි ඇමිණීමට අවසර ලබා දෙන ලදී.
ඒ අනුව මෙම දුම්රිය මැදිරි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් බවට වැඩිදියුණු කිරීමට එකී ආයතනයන්හි පූර්ණ වියදමින් සිදු කරන ලෙසත්, එම දුම්රිය මැදිරිවල ගමන් ගන්නා මගීන්ගෙන් දුම්රියෙහි ඉහළම පන්තිය වන පළමු පන්තියේ ගාස්තුව දුම්රිය දෙපාර්තමේන්තුව ගෙවීමට සහ කොන්දේසිවලට එකඟ වන ලදී.
(iv) එක්ස්පෝ කන්සොලිඩේටර්ස් (පුද්ගලික) සමාගම - මැදිරි 07යි.
බ්ලූ ලයින් ආයතනය - මැදිරි 05යි.
(ආ) (i) එක්ස්පෝ කන්සොලිඩේටර්ස් (පුද්ගලික) සමාගම - එක් ගමනක් සඳහා එක් මගියෙකුගෙන් රුපියල් 1,300.00යි.
බ්ලූ ලයින් ආයතනය - එක් ගමනක් සඳහා එක් මගියෙකුගෙන් රුපියල් 950.00යි.
(ii) එක්ස්පෝ කන්සොලිඩේටර්ස් (පුද්ගලික) සමාගම - එක් ගමනක් සඳහා එක් මගියෙකුගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල රුපියල් 360.00යි.
බ්ලූ ලයින් ආයතනය - එක් ගමනක් සඳහා එක් මගියෙකුගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල රුපියල් 360.00යි.
(iii) නැත.
(iv) පෙර මෙන්ම වර්තමාන අයිතියද දුම්රිය දෙපාර්තමේන්තුව සතු වේ.
(v) සහ (vi) නවීකරණය කිරීමේ පදනම මත දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ ආයතනය වෙත නිදහස් කරන ලද මැදිරි 12ක් එම ආයතනවල සම්පූර්ණ වියදමින් නවීකරණය කර අප දෙපාර්තමේන්තුව වෙත ආපසු බාර දුන් පසුව එම ආයතනවල ඉල්ලීම පරිදි දුම්රිය සඳහා අමුණා ධාවනය කර ගැනීමට එකඟ වී ඇති අතර, එම මැදිරිවල සම්පූර්ණ අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව සතු වේ. දැනට අදාළ ආයතනවල ඉල්ලීම පරිදි දුම්රිය 14ක් සඳහා දෛනිකව මෙම මැදිරි අමුණා ධාවනය කරයි. මේ අනුව ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් උද්ගත වී නොතිබුණි.
(ඇ) පිළිතුරු ලබා දී ඇත.
පිළිතුරු දුන් දිනය
2012-11-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks