04

E   |   සි   |  

 திகதி: 2012-11-16   பதிலளிக்கப்பட்டவைகள் 

2543/2012: தனியார் நிறுவனங்களின் புகையிரதப் பெட்டிகள்: விபரம்

2543/ ’12

கௌரவ அநுர திசாநாயக்க,— போக்குவரத்து அமைச்சரைக் கேட்பதற்கு,—

(அ)     (i)      ஓட்டத்தில் விடப்படுகின்ற புகையிரதங்களுடன் புகையிரத பெட்டிகளை இணைத்துக் கொண்டு செல்வதற்கு தனியார் நிறுவனங்களுக்கு அனுமதி வழங்கப்பட்டுள்ளதா என்பதையும்;

(ii) ஆமெனில், அந்நிறுவனங்களின் பெயர்கள் யாவை என்பதையும்;

(iii) அந்நிறுவனங்கள் தெரிவு செய்யப்பட்டதன் அடிப்படை யாது என்பதையும்;

(iv) மேற்படி ஒவ்வொரு நிறுவனத்திற்கும் இணைத்துக் கொண்டு செல்வதற்கு அனுமதி வழங்கப்பட்டுள்ள புகையிரத பெட்டிகளின் எண்ணிக்கை தனித்தனியே எவ்வளவு என்பதையும்;

அவர் குறிப்பிடுவாரா?

(ஆ) (i) தனியார் நிறுவனங்களுக்கு உரித்தான புகையிரத பெட்டியொன்றில் கொழும்பிலிருந்து கண்டி வரை பயணிப்பதற்காக அறவிடப்படுகின்ற கட்டணம் ஒவ்வொரு நிறுவனத்திற்கும் அமைய தனித்தனியே எவ்வளவு என்பதையும்;

(ii) அறவிடப்படுகின்ற மேற்படி பணத் தொகையில் புகையிரத திணைக்களத்திற்கு கிடைக்கின்ற பணத் தொகை எவ்வளவு என்பதையும்;

(iii) தனியார் நிறுவனங்களினால் இணைத்து ஓட்டத்தில் விடப்படுகின்ற புகையிரத பெட்டிகள் மேற்படி நிறுவனங்களினாலேயே இறக்குமதி செய்யப்பட்டவையா என்பதையும்;

(iv) இன்றேல், அவற்றின் முன்னைய உரிமை புகையிரத திணைக்களத்துக்கு சொந்தமானதாக இருந்தா என்பதையும்;

(v) ஆமெனில், தனியார் நிறுவனங்களுக்கு அப்பெட்டிகளை ஒப்படைத்தலானது கேள்விப் பத்திரங்கள் கோரப்பட்டதன் பின்னர் மேற்கொள்ளப்பட்டதா என்பதையும்;

(vi) ஆமெனில், அப்பெட்டிகள் வழங்கப்பட்ட விலைகள் யாவை என்பதையும்

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(இ) இன்றேல், ஏன்?

 

கேட்கப்பட்ட திகதி

2012-11-16

கேட்டவர்

கௌரவ அநுர திசாநாயக்க, பா.உ.

அமைச்சு

போக்குவரத்து

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

 

ගරු රෝහණ දිසානායක මහතා (ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு ரோஹண திசாநாயக்க - போக்குவரத்து பிரதி அமைச்சர்)

(The Hon. Rohana Dissanayake - Deputy Minister of Transport)

ගරු කථානායකතුමනි, ප්‍රවාහන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)       ඔව්.

              (ii)       ආයතන දෙකකි.

                         එක්ස්පෝ කන්සොලිඩේටස් (පුද්ගලික) සමාගම සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ පීවී. 2050 යටතේ ලියාපදිංචි වූ සමාගමකි.

බ්ලූ ලයින් ආයතනය

ලියාපදිංචි අංක W/A 93376 යටතේ 2011.03.29 දින පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය; බස්නාහිර පළාත යටතේ ලියාපදිංචි වී ඇත.

(iii)  දුම්රියවල ගමන් කරන මගී ජනතාවට ඉතා උසස් සේවාවක් ඉටු කිරීම සඳහා දුම්රිය සුඛෝපභෝගී මැදිරි හඳුන්වා දීමේ අවශ්‍යතාවක් ඇති වී ති‍බුණි.

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය මට්ටමෙන් සක්‍යතාව ඇති පෞද්ගලික ආයතන දෙකෙහි එකඟතාව මත ගිවිසුම් සහගතව ධාවනය වන දුම්රියවලට සුඛෝපභෝගී මැදිරි ඇමිණීමට අවසර ලබා දෙන ලදී.

ඒ අනුව මෙම දුම්රිය මැදිරි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් බවට වැඩිදියුණු කිරීමට එකී ආයතනයන්හි පූර්ණ වියදමින් සිදු කරන ලෙසත්, එම දුම්රිය මැදිරිවල ගමන් ගන්නා මගීන්ගෙන් දුම්රියෙහි ඉහළම පන්තිය වන පළමු පන්තියේ ගාස්තුව දුම්රිය දෙපාර්තමේන්තුව ගෙවීමට සහ කොන්දේසිවලට එකඟ වන ලදී.

(iv) එක්ස්පෝ කන්සොලිඩේටර්ස් (පුද්ගලික) සමාගම - මැදිරි 07යි.

බ්ලූ ලයින් ආයතනය - මැදිරි 05යි.

(ආ) (i) එක්ස්පෝ කන්සොලිඩේටර්ස් (පුද්ගලික) සමාගම - එක් ගමනක් සඳහා එක් මගියෙකුගෙන් රුපියල් 1,300.00යි.

බ්ලූ ලයින් ආයතනය - එක් ගමනක් සඳහා එක් මගියෙකුගෙන් රුපියල් 950.00යි.

(ii) එක්ස්පෝ කන්සොලිඩේටර්ස් (පුද්ගලික) සමාගම - එක් ගමනක් සඳහා එක් මගියෙකුගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල රුපියල් 360.00යි.

බ්ලූ ලයින් ආයතනය - එක් ගමනක් සඳහා එක් මගියෙකුගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල රුපියල් 360.00යි.

(iii) නැත.

(iv) පෙර මෙන්ම වර්තමාන අයිතියද දුම්රිය දෙපාර්තමේන්තුව සතු වේ.

(v) සහ (vi)      නවීකරණය කිරීමේ පදනම මත දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ ආයතනය වෙත නිදහස් කරන ලද මැදිරි 12ක් එම ආයතනවල සම්පූර්ණ වියදමින් නවීකරණය කර අප දෙපාර්තමේන්තුව වෙත ආපසු බාර දුන් පසුව එම ආයතනවල ඉල්ලීම පරිදි දුම්රිය සඳහා අමුණා ධාවනය කර ගැනීමට එකඟ වී ඇති අතර, එම මැදිරිවල සම්පූර්ණ අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව සතු වේ. දැනට අදාළ ආයතනවල ඉල්ලීම පරිදි දුම්රිය 14ක් සඳහා දෛනිකව මෙම මැදිරි අමුණා ධාවනය කරයි. මේ අනුව ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් උද්ගත වී නොතිබුණි.

(ඇ) පිළිතුරු ලබා දී ඇත.

 

பதில் தேதி

2012-11-16

பதில் அளித்தார்

கௌரவ றோஹண திஸாநாயக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks