පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2542/’12
ගරු අනුර දිසානායක මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල සිට මාතර දක්වාවන දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කරන කොටසේ දිග කොපමණද;
(ii) එම දුම්රිය මාර්ගය අලුත්වැඩියාකිරීමේ ව්‍යාපෘතිය භාර දී ඇති සමාගම තෝරාගනු ලැබු පදනම කවරේද;
යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ආ) (i) එම ව්‍යාපෘතියේ එකඟතාවන්ට අනුව ඉවත් කරන ලද පැරණි රේල් පීලිවල අයිතිය ලැබිය යුතු අය කවුරුන්ද;
(ii) ඉවත් කරන ලද රේල් පීලි අලෙවි කරනු ලැබුවේද;
(iii) එසේ නම්, එම රේල් පීලි මිලදී ගත් අය කවුරුන්ද;
(iv) රේල් පීලි අලෙවිකරන ලද මිල හා අලෙවියෙන් ලැබූ මුළු මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-15
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කුමාර වෙල්ගම මහතා
(மாண்புமிகு குமார வெல்கம)
(The Hon. Kumara Welgama)
ගරු කථානායකතුමනි, මම එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 43 KM
(ii) මෙම දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය භාර දී ඇති සමාගම තෝරා ගනු ලැබුවේ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් ඉන්දියානු ඉර්කෝන් වෙත කරන ලද ඉල්ලීමක් අනුවය.
(ආ) (i) මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව වෙතය. (ii), (iii) හා (iv) සඳහා පිළිතුරු පහත දැක්වේ.
එම ව්‍යාපෘතියෙන්ම ඉවත් කරනු ලැබූ බව හඳුනා නොගත් අතර SRSF/6907 යටතේ රේල් පීලි 1,350ක් සඳහා ටෙන්ඩර කැඳවා ඇත. එම ටෙන්ඩරය යටතේ අඩි 01ක් සඳහා රු. 735.00ක් වන සේ බදු සහිතව රු. 51,051,262.50කට නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ අංක 09 බී. හි පදිංචි දුමින්ද නිර්මාල් කුමාරසිරි යන අයගේ මිල ගණන් අමාත්‍ය මණ්ඩල ටෙන්ඩර් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks