04

E   |     |  

 දිනය: 2012-11-15   පිළිතුර ලබා දී ඇත 

2541/2012: මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම: ඇස්තමේන්තු මුදල

2541/’12

 

ගරු අනුර දිසානායක මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරී‍‍‍මේ ව්‍යාපෘතියක් තිබේද;

            (ii)       එසේ නම්, එහි මුළු දුර ප්‍රමාණය කොපමණද;

(iii) එහි ඉදිකිරීමේ ටෙන්ඩරය ලබාදී ඇති සමාගම කවරේද;

  (iv) එම සමාගම තෝරාගනු ලැබූ පදනම කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) මාතර  - බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වැයවේ යැයි අපේක්‍ෂිත මුළු මුදල කොපමණද;

(ii) එම ව්‍යාපෘතිය සඳහා ණය මුදලක් ලබා ගැනීමට චීන රජයත් සමඟ ගිවිසුම් අත්සන් කර තිබේද;

 

(iii) එසේ නම්, එම ණය මුදලේ පොලී අනුපාතය, ණය ආපසු ගෙවිය යුතු කාලය හා වාරික ගණන කොපමණද;

යන්න එතු‍මා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-15

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කුමාර වෙල්ගම මහතා

(மாண்புமிகு குமார வெல்கம)

(The Hon. Kumara Welgama)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      ඔව්.

               (ii)      කිලෝමීටර් 27.0

              (iii)      චෛනා නැෂනල් මැෂිනරි ඉම්පෝර්ට්  ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන්.

                         (China National Machinery Import and Export Corporation)

              (iv) තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය සලකා බලා, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ අනුමැතියෙන්.

(ආ) (i) ඇමෙරිකානු ඩොලර් මිලියන 278.2

      (ii) නැත. ණය ගිවිසුම් අත්සන් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් පවතී.

      (iii) යෝජිත පොලී අනුපාතය සියයට 2ක් වන අතර වසර 7ක සහන කාලයෙන් පසුව එළඹෙන වසර 13ක කාලය

ඇතුළත වාරික 156කින් ණය මුදල ගෙවා නිම කළ යුතුය.

(ඇ)      පිළිතුර ලබා දී ඇත.

 

පිළිතුරු දුන් දිනය

2012-11-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks