පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2540/’12
ගරු අනුර දිසානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගුවන් තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් 2009 වර්ෂයේ සිට මේ දක්වා යෙදී ඇති විදෙස් සංචාර සංඛ්‍යාව එක් එක් පුද්ගලයාට අදාළව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් සංචාරයට අදාළ වූ රටවල්, සංචාරයේ අරමුණු හා ලැබුණු ප්‍රතිඵල වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත එක් එක් සංචාරය සඳහා සහභාගී වූ එක් එක් පුද්ගලයා වෙනුවෙන් වැය කළ මුදල් ප්‍රමාණයන්, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-14
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු පියංකර ජයරත්න මහතා (සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு பியங்கர ஜயரத்ன - சிவில் விமானச் சேவைகள் அமைச்சர்)
(The Hon. Piyankara Jayaratne - Minister of Civil Aviation)
(අ) (i) ගුවන් තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් 2009 වර්ෂයේ සිට මේ දක්වා යෙදී ඇති විදෙස් සංචාර සංඛ්‍යාව:
ගරු මන්ත්‍රීතුමනි, දීර්ඝ විස්තරයක් තිබෙනවා. එම නිසා පිළිතුරේ ඉතිරි කොටස සභාගත කරන්නද?
ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
(අ) (iii) පිළිතුර කියන්න. එම මුදල්වල එකතුව කියන්නකෝ.
ගරු පියංකර ජයරත්න මහතා
(மாண்புமிகு பியங்கர ஜயரத்ன)
(The Hon. Piyankara Jayaratne)
එක් එක් පුද්ගලයා වෙනුවෙන් වැය කළ මුදල් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙනුයි සඳහන් කර තිබෙන්නේ. ඒ එකින් එක මා කියන්නම්.
ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
එකතුව කියන්න.
ගරු පියංකර ජයරත්න මහතා
(மாண்புமிகு பியங்கர ஜயரத்ன)
(The Hon. Piyankara Jayaratne)
එකතුව සඳහන් කරලා නැහැ. සංචාරයෙන් සංචාරය තමයි සඳහන් කර තිබෙන්නේ.
ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
දළ අදහසක් ගන්න කියන්න. (අ) (iii) පිළිතුර කියන්නකෝ. වික්‍රමසිංහ මහත්මයා 2011 වර්ෂයේ දහතුන් වතාවක් පිට රට ගිහින් තිබෙනවා නේ.
(ආ) පැන නොනඟී
* සභාමේසය මත තබන ලද පිළිතුරේ ඉතිරි කොටස:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடையின் எஞ்சிய பகுதி :
* Rest of the Answer tabled:
පිළිතුරු දුන් දිනය
2013-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks