පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2537/’12
ගරු අනුර දිසානායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ විකාශය කිරීමේ අයිතිය රාජ්‍ය රූපවාහිනී නාලිකාවලට අමතරව පෞද්ගලික නාලිකාවලට ලබාදීමේ පදනම කවරේද;
(ii) පසුගියදා පැවති කොමන්වෙල්ත් බෑන්ක් (Commonwealth Bank) කුසලාන ක්‍රිකට් තරගාවලිය ලංකාවේ විකාශය කළ රූපවාහිනී නාලිකාව කවරේද;
(iii) එම නාලිකාව ඒ සඳහා තෝරා ගැනීමේ පදනම කවරේද;
(iv) ජාත්‍යන්තර ක්‍රීඩා තරග විකාශය කිරීමට සියලුම රූපවාහිනී නාලිකාවලට අවසර ලබාදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-12
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් "ශ්‍රී ලංකාවේ සහ විදේශයක පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන අයිතීන්" යන මැයෙන් ඉදිරිපත් කර ඇති අංක 05/12/2011 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය සහ අංක 11/1377/537/014 අමාත්‍ය මණ්ඩල තීරණය පරිදිය.
(ii) එය ශ්‍රී ලංකාවේ විකාශනය කරන ලද්දේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) ආයතනයයි.
(iii) අංක 05/12/2011 හා 2011.06.27 දින අමාත්‍ය මණ්ඩල සංදේශ තීරණය අනුව ක්‍රිකට් ආයතනය සමඟ එළඹුණු සාකච්ඡා සම්මුති අනුව රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත පිරිනැමීම සහ ක්‍රීඩාවන්ට පමණක් කැප වුණු ඕනෑම පෞද්ගලික රූපවාහිනි හෝ ගුවන්විදුලි නාලිකාවක් විකාශන අයිතිය පිරිනැමීම සඳහා සුදුසුකම් ලබනු ඇත.
(iv) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති අංක 11/1377/537/014 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විශේෂයෙන්ම ක්‍රීඩාවට කැපවුණු ඕනෑම රූපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකාවකට සාකච්ඡා සම්මුති නියමයන් මත එවන් විකාශන අයිතීන් පිරිනැමීමේ සුදුසුකම් ලබනු ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks