පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2534/’12
ගරු අනුර දිසානායක මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2010 සහ 2011 වර්ෂවලදී මූලික උපාධිය ලබාගැනීම සඳහා,
(i) විදේශගත වූ මුළු ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව;
(ii) එක් එක් රට අනුව උපාධි ලබා ගැනීම සඳහා ගිය සිසුන් සංඛ්‍යාව;
(iii) විදේශගත වූ එම සිසුන් සංඛ්‍යාව එක් එක් උපාධි පාඨමාලාව අනුව;
කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2010 සහ 2011 වර්ෂවලදී පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා විදේශගතවි ඇති ලාංකික සිසුන් සංඛ්‍යාව;
(ii) එසේ විදේශගත වූ සිසුන් සංඛ්‍යාව ඔවුන් ගිය එක් එක් රට අනුව;
කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) ඉහත වර්ෂයන්හිදී විදේශ උපාධි ලබාගැනීම හේතුවෙන් විදේශයන් වෙත ඇදී ගොස් ඇති විදේශ විනිමය ප්‍රමාණය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-12
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එස්.බී. දිසානායක මහතා (උසස් අධ්‍යාපන අමාත්‍යතුමා)
(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - உயர் கல்வி அமைச்சர்)
(The Hon. S.B. Dissanayake - Minister of Higher Education)
ගරු කථානායකතුමනි, ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ ප්‍රශ්නයට, මගෙන් ලැබෙන පිළිතුරට වඩා දීර්ඝ; ප්‍රමාණවත් පිළිතුරක් ගන්නට තිබුණා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයිති විදේශ කටයුතු අමාත්‍යාංශ්‍යයට යොමු කළා නම්. හැබැයි අප මේ වෙකොට මේ සංඛ්‍යා ලේඛන සියල්ලම එකතු කිරීමේ ක්‍රමවේදයක් පටන් අර ගෙන, ඒ සඳහා වෙනම අධිකාරියක් හදලා ඒ කටයුතු කර ගෙන යනවා. ඉදිරි කාලයේදී අපට ඔබතුමාට ඒ තොරතුරු ලබා දෙන්නට පුළුවන් වෙයි.
පිළිතුරු දුන් දිනය
2012-11-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks