04

E   |     |  

 දිනය: 2012-11-10   පිළිතුර ලබා දී ඇත 

2532/2012: ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල : විදේශීය සිසුන්

2532/’12

 

ගරු අනුර දිසානායක මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2010 - 2011 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ එක් එක් විශ්වවිද්‍යාලයේ විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිශතය 5% දක්වා වැඩිකර තිබේද;

            (ii)       එසේ නම්, එම ප්‍රතිශතය අනුව ඉහත අධ්‍යයන වර්ෂයේ එක් එක් පීඨය සඳහා විදේශීය සිසුන් වෙනුවෙන් වෙන්කරන ලද අවස්ථා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

 

(iii) මේ වන විට එම එක් එක් පීඨයට ඇතුළත්වී ඇති විදේශීය සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඒ අනුව දැනට එම එක් එක් පීඨයේ විදේශීය සිසුන් සඳහා පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(v) එම පුරප්පාඩු පිරවීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) 2010 – 2011 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ විදේශීය සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරන්නේද;

(ii) එසේ  නම්, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන සපයා ගනු ලබන ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-10

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එස්.බී. දිසානායක මහතා (උසස් අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - உயர் கல்வி அமைச்சர்)

(The Hon. S.B. Dissanayake - Minister of Higher Education)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       ඔව්.

               (ii)       ඇමුණුමෙහි දක්වා ඇත.

              (iii)

පාඨමාලාව

ශිෂ්‍ය සංඛ්‍යාව

වෛද්‍ය විද්‍යා පාඨමාලාව

17

දන්ත ශල්‍ය විද්‍යා පාඨමාලාව

02

ඉංජිනේරු විද්‍යා පාඨමාලාව

01

ජෛවීය විද්‍යා පාඨමාලාව

01

පරිගණක විද්‍යාව පාඨමාලාව

01

මීට අමතරව එක් එක් විශ්වවිද්‍යාල වෙනත් රටවල් සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුම් යටතේ විදේශ සිසුන් ප්‍රථම උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනේ.

              (iv)

පාඨමාලාව

පුරප්පාඩු

වෛද්‍ය විද්‍යා පාඨමාලාව

41

දන්ත ශල්‍ය විද්‍යා පාඨමාලාව

03

ඉංජිනේරු විද්‍යා පාඨමාලාව

62

ජෛවීය විද්‍යා පාඨමාලාව

57

පරිගණක විද්‍යාව පාඨමාලාව

11

ඉහත පාඨමාලා සඳහා පවතින පුරප්පාඩු හැර අනෙකුත් පාඨමාලාවන්හි පවතින පුරප්පාඩු ඇමුණුමෙහි තීරු අංක 05 යට‍තේ දක්වා ඇත.

               (v)      ඇමුණුමෙහි දක්වා ඇති පාඨමාලා සඳහා යෝජිත ස්ථාන සංඛ්‍යාව ඇතුළත විදේශීය සිසුන් ඇතුළත් කර ගනු ලබන්නේ සියයට 0.5ක ප්‍රමාණයක් පමණි. ඒ යටතේ වෛද්‍ය විද්‍යා පාඨමාලාවට හැර අනෙකුත් පාඨමාලා සඳහා විදේශීය සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික හෝ විදේශ සිසුන් අයදුම් නොකිරීම හේතුවෙන් පුරප්පාඩු ඇති වී ඇත. එහෙත් එම පුරප්පාඩු පිරවීමට හැකියාවක් නොමැත. එයට හේතුව එම පුරප්පාඩු පිරවිය යුත්තේ සුදුසුකම් ලත් විදේශීය සිසුන්ගෙන් වීමයි. තවද, සියයට 4.5ක ප්‍රමාණය යටතේ විදේශ සිසුන් ඇතුළත් කිරීම සම්පූර්ණයෙන් මුදල් ගෙවීමේ පදනම මත ඒ ඒ විශ්වවිද්‍යාලයේ එකඟතාව මත දේශීය සිසුන්ට යෝජිත ස්ථාන සංඛ්‍යාවට අමතරව සුදුසුකම් සහිත සිසුන් අයදුම් කළහොත් පමණක් බඳවා ගන්නා බැවින් එම කොටස යටතේ පාඨමාලා සඳහා පුරප්පාඩු පිරවීමක් සිදු කිරීමට නොහැක. මෙම විදේශ සිසුන්ගෙන් ලබා ගන්නා සම්පූර්ණ ආදායම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීම සඳහා විශ්වවිද්‍යාල විසින් යොදා ගනු ඇත.

(ආ) (i) විදේශීය සිසුන් ඇතුළත් කර ගන්නා සියයට 5ක ප්‍රමාණය යටතේ ශිෂ්‍යත්ව ලබා දීමක් සිදු නොකෙරේ.

      (ii) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks