04

E   |     |  

 දිනය: 2012-11-09   පිළිතුර ලබා දී ඇත 

2530/2012: විශ්වවිද්‍යාල සිසුන් සඳහා නායකත්ව පුහුණු පාඨමාලා : විස්තර

2530/’12

 

ගරු අනුර දිසානායක මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       විශ්වවිද්‍යාල සිසුන් සඳහා නායකත්ව පුහුණු පාඨමාලා පැවැත්වීමට තීරණය කරනු ලැබු දිනය කවරේද;

            (ii)       මේ වනවිට එම පුහුණුව ලබා දී ඇති සිසුන් කණ්ඩායම් සංඛ්‍යාව කොපමණද;

  (iii)   ඒ සඳහා සහභාගී වූ එක් එක් කණ්ඩායමට අයත්වූ  මුළු ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iv)   සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදුන් ස්ථාන කවරේද;

  (v)    ඒ අතුරින් පුහුණු මධ්‍යස්ථාන ලෙස යොදා ගත්  හමුදා කඳවුරු සංඛ්‍යාව කොපමණද;

  (vi)   එම එක් එක් ස්ථානයේ පුහුණුව ලැබූ සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (vii)  මෙම පුහුණුව සඳහා එක් එක් වර්ෂයේදී වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (viii)  එම මුදල් වැය කරන ලද වැය ශීර්ෂය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-09

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එස්.බී. දිසානායක මහතා (උසස් අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - உயர் கல்வி அமைச்சர்)

(The Hon. S.B. Dissanayake - Minister of Higher Education)

ගරු කථානායකතුමනි, ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      පළමු කණ්ඩායම - 2011 මැයි 23 දින සිට ජුනි 12 දක්වා.

                         දෙවන කණ්ඩායම 2011 ජුනි 17 දින සිට ජූලි 07 දක්වා.

                         තෙවන කණ්ඩායම - 2011 ජූලි 11 දින සිට ජූලි 31 දක්වා.

 (ii) තුනකි (03) කි.

(iii) පළමු කණ්ඩායම - 8,294යි.

      දෙවන කණ්ඩායම - 7920යි.

       තුන්වන කණ්ඩායම - 710යි.

       මුළු ශිෂ්‍ය සංඛ්‍යාව  - 16,924යි.

(iv)  ඇමුණුම I හි දක්වා ඇත.

(v)  හමුදා කඳවුරු පුහුණුව සඳහා යොදා ගෙන නැත. ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට අයත් පුහුණු මධ්‍යස්ථානවල   නායකත්ව පුහුණුව ලබා දී ඇත. ගරු කථානායකතුමනි, එම පුහුණු මධ්‍යස්ථාන හමුදා කඳවුරු නොවෙයි.

(vi) ඇමුණුම II හි දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි.

(vii) 2011 වර්ෂයේදී රුපියල් 185,111,428.16යි.

(viii) 214-02-01-2201 (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මූලධන වියදම් යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදනයන්ය.)

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2012-11-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks