පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2502/’12
ගරු තලතා අතුකෝරල මහත්මිය,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ, කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බුළුතොට, කඩමුදුන පිහිටි සංචාරක නිවාසය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට අයත් වන්නේද;
(ii) එම සංචාරක නිවාසය මේ වනවිට නිවාස සංවර්ධන අධිකාරිය මගින් බදු දී තිබේද;
(iii) එය බදු දීමේදී පිළිගත් ටෙන්ඩර් පරිපාටියක් අනුගමනය කර තිබේද;
(iv) එසේ නම්, ඒ සඳහා ඉදිරිපත්වූ මිල ගණන් කවරේද;
(v) එම සංචාරක නිවාසය බදු දුන් ටෙන්ඩරයේ වටිනාකම කොපමණද;
(vi) එම ටෙන්ඩරය ඉදිරිපත්වූ වැඩිම වටිනාකමින් යුතු ටෙන්ඩරය නොවන බව පිළිගන්නේද;
(vii) එසේ නම්, එම බදු ගිවිසුම අවලංගු කර නැවත ටෙන්ඩර් කැඳවීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-22
අසන ලද්දේ
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks