01

E   |     |  

 දිනය: 2013-03-06   පිළිතුර ලබා දී ඇත 

2489/2013: ශාසනාරක්‍ෂක බල මණ්ඩල : මූල්‍ය ප්‍රතිපාදන

2489/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       දිවයින පුරා ඇති ශාසනාරක්‍ෂක බල මණ්ඩල සංඛ්‍යාව කොපමණද;

            (ii)       මේ වනවිට එක් එක් ශාසනාරක්ෂක බල මණ්ඩලය වෙත මුදල් ප‍්‍රතිපාදන ලබා දීමට කටයුතු යොදා  තිබේද;

  (iii)  එසේ නම්, 2010 වර්ෂයේ සිට මේ දක්වා ලබාදී ඇති මුදල් ප්‍රතිපාදන වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා  සඳහන් කරන‍්නෙහිද?

(ආ)  (i)  ශාසනාරක්‍ෂක බල මණ්ඩලය නමින් හෝ එයට සමාන නමකින් හෝ අරමුදලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේද;

  (ii)  එසේ නම්, එම අරමුදල සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගන්නා ආකාරය කවරේද;

  (iii)  එම අරමුදලේ අභිප‍්‍රායන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-06

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා

(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன)

(The Hon. M.K.A.D.S. Gunawardana )

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා ඒ ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      ශාසනාරක්ෂක බල මණ්ඩල සංඛ්‍යාව - 312යි.

              (ii)      ඔව්.

             (iii)      2010 වර්ෂයේදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල සඳහා තැපැල්, ගමන් වියදම් හා මුද්දර ගාස්තු වශයෙන් රුපියල් 4,590,000.00යි.

2011 වර්ෂයේදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල සඳහා තැපැල්, ගමන් වියදම් හා මුද්දර ගාස්තු වශයෙන් රුපියල් 4,635,000.00යි.

2012 වර්ෂයේදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල සඳහා තැපැල්, ගමන් වියදම් හා මුද්දර ගාස්තු වශයෙන් රුපියල් 4,574,375.00යි.

(ආ) (i) ඔව්.

(ii) දහම් පාසල් කොඩි අළෙවියෙන් සහ ගරුතර ස්වාමින් වහන්සේලාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්.

(iii) සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ උන්නතිය සඳහාත් භික්ෂුන් වහන්සේලාගේ හා බෞද්ධ ප්‍රජාවගේ සුබසාධනය.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks