බලන්න

04

E   |     |  

 දිනය: 2013-02-19   පිළිතුර ලබා දී ඇත 

2466/2013: වී වගාව සඳහා සහනාධාර : වෙන් කළ මුදල

2466/’12

 

ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2006 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා වූ කාලය තුළ එක් එක් වර්ෂයේදී,

             (i)       වී වගාව සඳහා සහනාධාර ලබා දීම සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;

            (ii)       යල හා මහ කන්නවල මුළු වී අස්වැන්න කොපමණද;

(iii) එක් එක් දිස්ත්‍රික්කයෙහි අක්කරයකින් ලැබූ සාමාන්‍ය අස්වනු ප්‍රමාණය කොපමණද;

(iv) යල සහ මහ කන්නවල වී අස්වනු ප්‍රමාණයන් 2005 වර්ෂයේ යල සහ මහ කන්න හා සංසන්දනාත්මකව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) ගොවීන්ට ලබාදුන් සහනාධාරය ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කිරීමටත්, රටේ වී අස්වනු ප්‍රමාණය ඉහළ නැංවීමටත් ඉවහල් වී තිබේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-02-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා

(மாண்புமிகு  மஹிந்த யாப்பா அபேவர்தன)

(The Hon. Mahinda Yapa Abeywardena)

ගරු කථානායකතුමනි, මා මෙම පිළිතුර සභාගත* කරනවා

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks