04

E   |     |  

 දිනය: 2013-05-07   පිළිතුර ලබා දී ඇත 

2440/2013: නිල්වලා යෝජනා ක්‍රමයට අයත් අමුණු : ප්‍රතිසංස්කරණය

2440/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන නිල්වලා යෝජනා ක්‍රමයට අයත් මුළු අමුණු සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවා පිහිටා ඇති ස්ථාන කවරේද;

           (iii)       එම අමුණුවලින් දැනට විනාශයට පත් වී ඇති  සංඛ්‍යාව  කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  විනාශයට පත් වී ඇති ඉහත සඳහන් අමුණු ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ගොවීන් ගැටලු රැසකට මුහුණපා ඇති බව දන්නේද;

  (ii)  එසේ නම්, ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කරන්නේද;

  (iii)  ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

  (iv)  එසේ නම්, වෙන්කර ඇති මුළු මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-05-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා (වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா - நீர்ப்பாசன, நீர்வள முகாமைத்துவ அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)

(The Hon. Nimal Siripala de Silva - Minister of Irrigation and Water Resources Management and Leader of the House of Parliament)

(අ)          (i)       157කි.

              (ii)      කිරල කැලේ ව්‍යාපාරය, කඩවැද්දුව ව්‍යාපාරය, කද්දුව ව්‍යාපාරය සහ අකුරැස්ස ව්‍යාපාරය යන ව්‍යාපාර බල ප්‍රදේශ තුළ පිහිටා ඇත.

             (iii) එම අමුණුවලින් එකක්වත් විනාශයට පත් වී නොමැත. එහෙත් එයින් අමුණු 36ක යම් යම් අලුත්වැඩියාවන් (විශේෂයෙන් ගේට්ටු දිරාපත් වීම) කළ යුතුව ඇත.

(ආ)        (i) පසෙහි ආම්ලිකතාව අධික වීම, මුහුදු මට්ටමට ආසන්න මට්ටම්වල ඇති කුඹුරුවල ජලය බැස යෑමේ ගැටලු වැනි බරපතළ ස්වාභාවික ගැටලු රැසක් නිල්වලා ව්‍යාපාරයේ සමහර ස්ථානවල (විශේෂයෙන් කිරල කැලේ ව්‍යාපාරය තුළ) ඇත.

එසේ වුවද, අමුණු විනාශයට පත් වීමක් සිදු වී නොමැති නිසා එමඟින් බරපතළ ගැටලු පැන නැඟී නොමැත.

             (ii) අලුත්වැඩියා කළ යුතු අමුණු අලුත්වැඩියා කිරීමට දැනටමත් සැලසුම් සකස් කර ඇත.

             (iii) ප්‍රතිපාදන වෙන් කර ඇත.

             (iv) කිරලකැලේ ව්‍යාපාරයේ අමුණු 8ක අලුත්වැඩියාවන් සඳහා රුපියල් මිලියන 2.6යි.

                    කඩවැද්දුව ව්‍යාපාරයේ අමුණු 25ක අලුත්වැඩියාවන් සඳහා රුපියල් මිලියන 3යි.

                    අකුරැස්ස ව්‍යාපාරයේ අමුණු 1ක අලුත්වැඩියාවන් සඳහා රුපියල් ලක්ෂ 4යි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks