පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2430/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ නියැලෙන සියලුම ධීවර ප්‍රජාවට ජීවන වියදම් සහනාධාරයක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එය ක්‍රියාත්මක කිරීමට අනුගමනය කරන ක්‍රියා පටිපාටිය කවරේද;
(iii) එක් ධීවරයෙකුට ලබාදීමට බලාපොරොත්තු වන සහනාධාර මුදල කොපමණද;
(iv) එම මුදල ගණනය කිරීමට යොදා ගන්නා නිර්නායකයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-20
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා (ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා)
(மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன - கடற்றொழில், நீரக வளமூலங்கள் அபிவிருத்தி அமைச்சர்)
(The Hon. (Dr.) Rajitha Senaratne - Minister of Fisheries and Aquatic Resources Development)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ඔව්.
(ii) ඉන්ධන සහනාධාරය මාසිකව දිස්ත්‍රික් ධීවර සහකාර අධ්‍යක්ෂවරුන් විසින් නිර්දේශ කරනු ලබන ක්‍රියාකාරී ධීවර යාත්‍රා සඳහා ලබා දෙනු ලබයි. ප්‍රධාන කාර්යාලය මඟින් දිස්ත්‍රික් කාර්යාලවලට නිකුත් කරන කූපන් පත් ධීවර යාත්‍රා හිමියන්ට දිස්ත්‍රික් ධීවර කාර්යාල මඟින් නිකුත් කරනු ලබන අතර එම කූපන් පත් අනුමත ඉන්ධන පිරවුම්හල්වලට ඉදිරිපත් කිරීමෙන් ඉන්ධන සඳහා අදාළ සහනාධාරය ලබා දේ.
(iii) ලබා දෙනු ලබන සහනාධාර මුදල ධීවරයා සතුව ඇති යාත්‍රා වර්ගය අනුව වෙනස් වේ.
|
අනු අංකය |
යාත්‍රා වර්ගය |
ලබා දෙනු ලබන සහනාධාර මුදල මාසිකව (රු) |
|
01 |
බහුදින යාත්‍රා (IMUL) |
31200/- |
|
02 |
එක්දින යාත්‍රා (IDAY) |
19200/- |
|
03 |
පිටත එන්ජිම සහිත ෆයිබර් ග්ලාස් (OFRP) |
9375/- |
|
04 |
පාරම්පරික එන්ජිම සහිත යාත්‍රා (MTRB) |
9375/- |
(iv) ඔව්.
කුමන වර්ගයේ යාත්‍රාවකට හෝ ඩීසල් ලීටරයක් සඳහා රු. 12.00ක සහනාධාරයක් ද
භූමිතෙල් ලීටරයක් සඳහා රු. 25.00 ක සහනාධාරයක් ද හිමි වේ.
එක් එක් යාත්‍රා වර්ගය සඳහා මාසිකව භාවිත වන ඉන්ධන ප්‍රමාණය සඳහා වන පිළිගත් අගයන් පහත පරිදි වේ.
|
යාත්‍රා වර්ගය |
භාවිත වන ඉන්ධන වර්ගය |
මාසිකව භාවිත වන ඉන්ධන ප්‍රමාණය (ලීටර්) |
මාසික සහනාධාරය (රු) |
වාර්ෂික සහනාධාරය (රු) |
|
IMUL |
ඩීසල් |
2,600 |
31,200/- |
374,400/- |
|
IDAY |
ඩීසල් |
1,600 |
19,200/- |
230,400/- |
|
OFRP |
භූමිතෙල් |
375 |
9,375/- |
112,500/- |
|
MTRB |
භූමිතෙල් |
375 |
9,375/- |
112,500/- |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks