පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2429/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ගොවිතැනෙහි නියැලෙන සියලුම ගොවි ජනතාවට ජීවන වියදම් සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එය ක්‍රියාත්මක කිරීමට අනුගමනය කරන ක්‍රියා පටිපාටිය කුමක්ද;
(iii) එක් ගොවියකුට ලබාදීමට බලාපොරොත්තුවන සහනාධාර මුදල කොපමණද;
(iv) එම මුදල ගණනය කිරීමට යොදා ගත් නිර්ණායකයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-07
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා (ගොවිජන සේවා හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு எஸ்.எம். சந்திரசேன - கமநல சேவைகள், வனசீவராசிகள் பிரதி அமைச்சர்)
(The Hon. S.M. Chandrasena - Deputy Minister of Agrarian Services and Wildlife)
ගරු කථානායකතුමනි, ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) ශ්‍රී ලංකාවේ ගොවිතැනෙහි නියැලෙන සියලුම ගොවි ජනතාවට වගා සහනාධාරයක් ලබා දී ඇත.
(ii) මෙය පොහොර සහනාධාරයක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබේ.
(iii) වගා කරන භෝගය, කෘෂි දේශගුණික කලාප හා වාරි ක්‍රමය අනුව පොහොර නිර්දේශයන් වෙනස් වන බැවින් ලැබෙන සහනාධාරය ද ඒ අනුව වෙනස් වේ.
(iv) වගා කරන භෝගය, කෘෂි දේශගුණික කලාප හා වාරි ක්‍රමය මත පදනම්ව පොහොර නිර්දේශ මෙම සහනාධාරය ගණනය කර ගැනීමට පදනම් කර ගත් නිර්ණායකයන් වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks