පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2428/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් 2012 වර්ෂය තුළ ක්‍රියාත්මක කළේද;
(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටිය කවරේද;
(iii) එම ක්‍රියාපටිපාටිය රැකියා විරහිත සෑම උපාධිධාරියෙකුටම සාධාරණය ඉටු වන සේ ක්‍රියාත්මක වූයේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-20
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு விஜய தஹநாயக்க- பொது நிருவாக, உள்நாட்ட லுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) (i) ඔව්.
(ii) 2012.02.16 දින 'දිනමිණ', 'ඩේලි නිවුස්' හා 'තිනකරන්' යන පුවත් පත්වල උපාධිධාරි අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සඳහා පුවත් පත් දැන්වීමක් පළ කරන ලදි. ඒ අනුව 2012.03.30 දින දක්වා කාලය තුළ අයදුම් කළ සියලු දෙනාම දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර සුදුසුකම් ලත් උපාධිධාරින් වර්ෂය පදනම් කර ගෙන පත්වීම් ලබා දී ඇත.
(iii) ඔව්.
කිසිදු දේශපාලන හෝ වෙනත් කරුණක් හේතුවෙන් අසාධාරණයක් නොවන ලෙස මෙම අභ්‍යාසලාභීන් බඳවා ගෙන ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks