04

E   |     |  

 දිනය: 2013-02-22   පිළිතුර ලබා දී ඇත 

2415/2013: "ශ‍්‍රී ලංකා සංවර්ධන සේවය" වැඩසටහන : විස්තර

2415/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       “ශ‍්‍රී ලංකා සංවර්ධන සේවය” යනුවෙන් රජයේ රැකියා ලබාදීමේ වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරන්නේද;

             (ii)       එසේ නම්, ඒ යටතේ බඳවා ගන්නා අයදුම්කරුවන්ගේ අවම සුදුසුකම් කවරේද;

(iii) ඔවුන්ට ස්ථිර හා විශ‍්‍රාම වැටුප් හිමි  තනතුරු ලබා දෙන්නේද;

(iv) එම බඳවා ගැනීම සිදු කරන ක්‍රියා පිළි‍වෙත කවරේද;

(v) බඳවාගනු ලබන අයට ලබාදෙන මූලික වැටුප සහ අනෙකුත් දීමනා කවරේද;

(vi) ඔවුන්ට පැවරී ඇති කාර්ය භාරයන් කවරේද;

(vii) ඒ යටතේ බඳවා ගනු ලබන සංඛ්‍යාව කොපමණද;

(viii) රාජ්‍ය අංශයේ පුරප්පාඩු ඉතා විශාල ප‍්‍රමාණයක් තිබිය දී එම පුරප්පාඩු සම්පූර්ණ නොකර මෙම සේවය සඳහා බඳවා ගැනීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-02-22

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு விஜய தஹநாயக்க- பொது நிருவாக, உள்நாட்ட லுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)

ගරු කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      සංවර්ධන නිලධාරී සේවය අංක 1745-11 හා 2012.02.14 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ස්ථාපිත කොට ඇති අතර එය රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ක්‍රියාත්මක වැඩසටහනකි.

(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම.

(iii) ඔව්. ස්ථීර හා විශ්‍රාම වැටුප් හිමි තනතුරු ලබා දෙනු ලැබේ. මෙම තනතුරු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කර ඇත.

(iv) ඒ ඒ දිස්ත්‍රික්කවලට අයත් රැකියා විරහිත උපාධිධාරීන් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කොට සුදුසුකම් සපුරන ලද සියලුම දෙනා අභ්‍යාසලාභී පුහුණුව සඳහා අනුයුක්ත කර ඇත.

(v) පුහුණු කාල සීමාව තුළදී අභ්‍යාසලාභී දීමනාව ලෙස මාසිකව රුපියල් 10,000ක් ගෙවනු ලැබේ.

ස්ථීර පත්වීම ලබා දුන් පසු සංවර්ධන ‍නිලධාරී සේවා ව්‍යවස්ථාවේ සඳහන් වැටුප් ක්‍රමය ලබා දෙනු ලැබේ.

MN 4-2006 (ඒ)

රුපියල් 15215-10 X 215-4 X 240-7 X 320-15 X 360 -රුපියල් 25,965.

(vi) රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන යෝජනා ක්‍රමයන්හි අපේක්ෂිත අරමුණු ළඟා කර ගැනීමේ කාර්යයන්හිදී විධායක මට්ටම්වල කාර්ය භාරයට උපස්තම්භක වන්නා වූ විමර්ශන, තොරතුරු හා දත්ත රැස් කිරීම/විශ්ලේෂණය/වාර්තා සම්පාදනය, සමීක්ෂණ වැනි කාර්යයන්ගෙන් සමන්විත වූ කාර්ය භාරයක්.

(vii) 51,000

(viii) රජයේ ප්‍රමුඛතා කාර්යයක් වන රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දීමත් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන යෝජනා ක්‍රමයන්හි අපේක්ෂිත අරමුණු ළඟා කර ගැනීමත් අවශ්‍යතාවක්ව පවතින බැවින් මෙම බඳවා ගැනීම කරනු ලැබේ.

රාජ්‍ය සේවයේ සියලුම සේවයන්හි පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වූ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

උදා: රාජ්‍ය කළමනාකරණ සහකාර තනතුරු, ග්‍රාම නිලධාරි, ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks