පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3521/2023
ගරු උද්දික ප්‍රේමරත්න මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සියලුම වර්ගවලට අයත් චිත්‍රපට තිරගත කිරීම සඳහා පහසුකම් ඇති ශ්‍රී ලංකාවේ සිනමාහල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සිනමාහල් තුළින් උපයනු ලබන වාර්ෂික ආදායම කොපමණද;
(iii) ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළින් උපයනු ලබන ආදායම වැඩි කර ගැනීම සඳහා සැලසුම් සකස් කර තිබේද;
(iv) එසේ නම්, එම සැලසුම් කවරේද;
(v) සිනමා කර්මාන්තයේ අනාගතය සහ අභිවෘද්ධිය උදෙසා වන සැලසුම් සකස් කර තිබේද;
(vi) එසේ නම්, එම සැලසුම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-07
අසන ලද්දේ
ගරු උද්දික ප්‍රේමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ලංකාවේ සිනමාශාලා 143ක් පවතින අතර, සියලු ගණයේ -සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා වෙනත්- චිත්‍රපට ප්‍රදර්ශනය කළ හැකි -"ඩී" සිනමා- සිනමාශාලා 71කි.
දිවයිනේ දැනට ක්‍රියාත්මක සියලු සිනමාශාලා ලේඛනය ඇමුණුම 01 වශයෙන් ද, සියලු වර්ගයේ චිත්‍රපට ප්‍රදර්ශනය කළ හැකි සිනමාශාලා ලේඛනය ඇමුණුම 02 වශයෙන් ද මා ඉදිරිපත් කරනවා.
(ii) මෙම සිනමාශාලා 71න්, 25ක් ක්‍රියාත්මක වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් රිත්මා මණ්ඩලය යටතේය.
එම සිනමාශාලාවලින් 2022 වර්ෂයේ උපයා ඇති දළ ආදායම රුපියල් 804,652,910.79කි. වොක්ස් ලයිට් සිනමාශාලාව 2023දී විවෘත කර ඇත. ඊට අදාළ ලේඛනය ඇමුණුම 03 වශයෙන් මා ඉදිරිපත් කරනවා.
අනෙකුත් සිනමාශාලා 46 ක්‍රියාත්මක වන්නේ වෙනත් ප්‍රදර්ශන මණ්ඩල 04ක් මඟිනි. ඒවා මෙසේයි.
එම සිනමාශාලාවල ආදායම් ජාතික චිත්‍රපට සංස්ථාවේ ලේඛනගත නොකරන අතර ප්‍රේක්ෂක සංඛ්‍යාව පමණක් ලේඛනයට ඇතුළත් කරයි.
ඒ අනුව, 2022 වර්ෂයේ එම සිනමාශාලාවල ප්‍රේක්ෂක ප්‍රමාණය 2,071,766ක් වේ. අදාළ ලේඛනය ඇමුණුම 04 වශයෙන් මා ඉදිරිපත් කරනවා.
ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.
(iii) සකස් කර ඇත.
(iv)
(v) ඔව්. සකස් කර තිබේ.
(vi) වර්තමානය වනවිට චිත්‍රපට කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දෙමින් දැඩි පසුබෑමකට ලක් වී ඇති අතර, කර්මාන්තය නැවත නඟාසිටුවීම සඳහා සංවර්ධන හා නියාමන කාර්යයෙහි නියැළෙන ස්වාධීන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මේ වනවිට අවධාරණය වී ඇත.
සිනමාව කර්මාන්තයක් ලෙස නඟා සිටුවීම, පෞද්ගලික අංශයද දායක කර ගනිමින් සිනමා කලාව හා රසවින්දනය සඳහා අවශ්‍ය අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීම, සිනමාවේදීන් සහ රංගන ශිල්පීන් ඇතුළත්ව සිනමාවට සම්බන්ධ සියලු ශිල්පීන් දිරිගැන්වීම සහ ඇගයීම වැනි ප්‍රමුඛ කාර්යයන් ඉටු කිරීම සඳහා විධිමත් රාජ්‍ය ආයතනයක මැදිහත්වීමේ අවශ්‍යතාවද පැන නැඟී ඇත.
ඒ අනුව, රූපවාහිනී මාධ්‍ය සහ සිනමාවද ඇතුළත් වන සේ "සංවර්ධන කොමිසමක්" ඇති කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය අනුව "ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට හා රූපවාහිනි සංවර්ධන කොමිසම" නමින් පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතී. ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේද අදහස් හා අතීතයේ පත් කළ කොමිෂන් සභා වාර්තාද සැලකිල්ලට ගෙන තිබේ. ඉදිරියේදී ඊට අනුකූලව කටයුතු සිදුවනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks