01

E   |     |  

 දිනය: 2023-09-06   පිළිතුර ලබා දී ඇත 

3514/2023: කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ පාසල්වල විදුහල්පතිවරු: විස්තර

3514/2023

ගරු අසංක නවරත්න මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ පාසල්වල මේ වනවිට සේවය කරනු  ලබන විදුහල්පතිවරුන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම එක් එක් විදුහල්පතිවරයාගේ නම, රාජකාරි ලිපිනය, පෞද්ගලික ලිපිනය, දුරකථන අංකය, විදුහල්පති තනතුරට පත් කරන ලද  දිනය, මේ වනවිට දරන ශ්‍රේණිය සහ විශ්‍රාම යාමට නියමිත දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) රජයේ පාසලක විදුහල්පති ධූරය දැරිය හැකි කාලය සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශය මඟින් හෝ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් තීරණයක් ගෙන තිබේද;

(ii) එසේ නම්, එම තීරණය කවරේද;

(iii) විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් 2023.01.01 දිනෙන් පසු වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-06

අසන ලද්දේ

ගරු අසංක නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ පාසල්වල මේ වන විට සේවය කරනු ලබන විදුහල්පතිවරු  සංඛ්‍යාව 899කි. විදුහල්පති/නියෝජ්‍ය විදුහල්පති/සහකාර විදුහල්පති මේ 899දෙනාට එකතු වෙනවා.

              (ii)      එම එක් එක් විදුහල්පතිවරයාගේ නම, රාජකාරි ලිපිනය, පෞද්ගලික ලිපිනය, දුරකථන අංකය, විදුහල්පති තනතුරට පත් කරන ලද දිනය, මේ වන විට දරන ශ්‍රේණිය සහ විශ්‍රාම යෑමට නියමිත දිනය වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත.

(ආ) (i) ඔව්.

(ii) වයඹ පළාත් සභාවේ පාසලක විදුහල්පති ධුරය දැරිය හැකි කාලය වසර 8ක් බවට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ව/අධ්‍යා/සාපා/වි.ප.ස්.මා 2023.08.21 දිනැති ලිපිය මඟින් දන්වා ඇති අතර, පවත්නා විදුහල්පති ස්ථානමාරු පරිපාටියේ එක පාසලක විදුහල්පතිවරයෙකු වශයෙන් කටයුතු කළ හැකි උපරිම වසර ගණන සඳහන් කර නොමැති බැවින් යෝජිත සංශෝධනය කරමින් පවතී. එය ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.

ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.

 

(iii) වයඹ පළාත් සභා පාසල්වල විදුහල්පතිවරුන් සඳහා 2024ට අදාළව වාර්ෂික ස්ථාන මාරු කැඳවා ඇත. වයඹ පළාත් සභා පාසල්වල විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පතිවරයෙකු ලෙස  අවුරුදු 6ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද විදුහල්පති ශ්‍රේණිධාරීන් වෙනත් පාසලක විදුහල්පති තනතුරට අයදුම් කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-11-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අ. අරවින්ද් කුමාර් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks