01

E   |     |  

 දිනය: 2023-12-08   පිළිතුර ලබා දී ඇත 

3501/2023: Loan relief offered by financial institutions in Negombo area

3501/2023

ගරු වාසුදේව නානායක්කාර මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපාර අඩපණ වූ, මීගමුවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට, ණය ආපසු ගෙවීම සඳහා වර්ෂ  3 1/2ක සහන කාලයක් ලබා දුන් බවත්;

(ii) නමුත්, 2019 වර්ෂයේදී සහන කාලය ලබාදෙන ලද අවස්ථාව වනවිට තිබූ ණය ශේෂය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ණය ශේෂයක් ඉහත ව්‍යවසායකයන්ගේ ගිණුම්වලට මේ වනවිට බැර කර ඇති බවත්;

(iii) එම ණය ශේෂය ගෙවීම පැහැර හැරියහොත් ඇපයට තබා ඇති දේපළ පරාටේ නීතිය අනුව අත්පත් කර ගන්නා බවට දැනුම් දී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ණය සහන කාලය ලබා දීමට හේතු වූ කරුණු සැලකිල්ලට නොගෙන මූල්‍ය ආයතනවල අවශ්‍යතාවය පරිදි කටයුතු කිරීමට අවසර දී තිබේද;

(ii) ණය සහන ලබා දෙන අවස්ථාව වනවිට පැවති ණය ශේෂය පමණක් ගෙවා, සහන කාලය සඳහා වන පොලිය කපාහැරිය යුතු බව පිළිගන්නේද;

(iii) එසේ නම්, එම පොලිය කපාහැරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-08

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks