පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2373/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ වර්තමාන සභාපතිවරයා කවුරුන්ද;
(ii) ඔහුගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් කවරේද;
(iii) ඔහුගේ වැටුප කොපමණද;
(iv) වෙනත් දීමනා ලබාගන්නේ නම්, එම දීමනා කවරේද;
(v) එම එක් එක් දීමනාවන්හි අගයන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ සිටින අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් කවරේද;
(iii) ඔවුන්ට ලබා දෙන දීමනාවල අගයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ උප සභාපතිවරයෙකු හෝ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු සිටින්නේද;
(ii) එසේ නම්, ඔහුගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් කවරේද;
(iii) ඔහුට හිමි වැටුප්, වේතන හා වෙනත් දීමනාවන්හි අගයන් කවරේද;
යන්න එතුමා තවදුරටත් සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-19
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු පියංකර ජයරත්න මහතා (සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு பியங்கர ஜயரத்ன - சிவில் விமானச் சேவைகள் அமைச்சர்)
(The Hon. Piyankara Jayaratne - Minister of Civil Aviation)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) නිශාන්ත වික්‍රමසිංහ මහතා.
(ii) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය.
වසර 20කට අධික පොදු ව්‍යාපාර හා පෞද්ගලික සමාගම් කළමනාකරණයෙහි පළපුරුද්ද.
(iii) වැටුපක් නොලබයි.
(iv) අධ්‍යක්ෂකගේ දීමනාව.
(v) රුපියල් 250,000 යි.
(ආ) (i) 07යි.
(ii) ඇමුණුම පරිදි වේ.
(iii) ඇමුණුම පරිදි වේ.
ඇමුණුම සභාගත* කරමි.
(ඇ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඈ) පැන නොනඟී.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
|
නම |
අධ්‍යාපන/වෘත්තීය සුදුසුකම් |
දීමනා |
|
නිහාල් ජයමාන්න මහතා |
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ/ජනාධිපති නීතිඥ |
නැත |
|
කපිල චන්ද්‍රසේන මහතා |
ව්‍යාපාර පරිපාලනපති ( MBA) උපාධිය, ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් විශ්වවිද්‍යාලය |
නැත |
|
ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා |
- පරිගණක ඉංජිනේරු (BSc ) උපාධිය, සැන්ඩියාගෝහි (UCSD) කැලිෆෝනියා විශ්වවිද්‍යාලය - පශ්චාත් උපාධිය (MBA ) සඳහා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ ලියාපදිංචි වී ඇත. - ආචාර්ය උපාධිය සඳහා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන මණ්ඩලයේ නිරතව සිටී. - ඇ.එ. ජනපදයේ IEEE ආයතනයේ සාමාජික |
නැත |
|
මනිලාල් ප්‍රනාන්දු මහතා |
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ |
නැත |
|
ලක්ෂ්මී සංගක්කාර මිය |
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ |
|
|
සනත් උක්වත්ත මහතා |
ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධිය Alliant ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (පෙර ඇ.එ. ජනපදයේ සැන්ඩියාගෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය) |
නැත |
|
සුසන්ත රත්නායක මහතා |
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා. පෙළ ) විභාගය |
|
පිළිතුරු දුන් දිනය
2013-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks