පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2367/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සී/ස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් ගුවන් යානා ලබා ගන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා ටෙන්ඩර් කැඳවා තිබේද;
(iii) නොඑසේ නම්, වෙනත් ආකාරයකින් ගුවන් යානා ලබාගැනීමට කටයුතු කරන්නේද;
(iv) ගුවන් යානා මිලදී ගන්නේ නම්, ඒ සඳහා වැය වන මුළු මුදල කොපමණද;
(v) එම මුදල් සපයාගනු ලබන ආකාරය කවරේද;
(vi) ගුවන්යානා මිලදීගැනීමට අදාළව තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ලන්ඩන් හීත්ත්‍රෝ ගුවන් තොටුපළ තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා රඳවා ගැනීමට ලබාදී ඇති අවසරය (Slots) බදු දීමට හෝ විකිණීමට අපේක්ෂා කරන්නේද;
(ii) එමිරේට්ස් ගුවන් සමාගම වෙතින් සී/ස ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවරාගත් දින සිට මේ දක්වා ශ්‍රී ලංකන් කේටරින් සමාගම ලබා ඇති ලාභය හෝ පාඩුව කොපමණද;
(iii) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් කවරේද;
(iv) රජයේ ප්‍රතිපාදන නිදහස් නොකොට එම සමාගම පවත්වාගෙන යාම සඳහා වන විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි රජයේ අවධානය යොමුකර තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-06
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු පියංකර ජයරත්න මහතා (සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு பியங்கர ஜயரத்ன - சிவில் விமானச் சேவைகள் அமைச்சர்)
(The Hon. Piyankara Jayaratne - Minister of Civil Aviation)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ඔව්.
(ii) මෙම කාර්යය සඳහා ව්‍යාපාරික යෝජනා කැඳවීම ආරම්භ කර ඇත.
(iii) අදාළ නැත.
(iv) ගුවන්යානා මිලදී ගැනීම සඳහා වැය වන මුදල නිශ්චිතව දැන ගැනීමට හැකි වන්නේ ඉදිරිපත් වන යෝජනා ඇගැයීම (evaluation) හා ගුවන්යානා නිපැයුම්කරුවන් සමඟ සිදු කරනු ලබන සාකච්ඡා (negotiations) සම්පූර්ණ කිරීමෙන් පසුවය. ඒ නිසා අපට දැන් ගණනක් කියන්න බැහැ.
(v) ශ්‍රී ලංකා රජය විසින් යොදන කොටස් ඇපකර, මූල්‍ය ආයතන හරහා ලබා ගත්නා ණය මූල්‍යකරණ හා ගුවන්යානා කල්බදුකරුවන් ලබා දෙන මුල්‍යකරණ මගින්.
(vi) ඔව්.
(එම කමිටුව, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ සුදුසුකම් ලත් නිලධාරින් සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන බාහිර උපදේශකයන්ගෙන් සමන්විත වනු ඇත.)
(ආ) (i) නැත.
(ii)
|
ගිණුම් වර්ෂය |
ලැබූ ලාභය (රු.මිලියන) |
|
2008/09 |
1259.06 |
|
2009/10 |
635.77 |
|
2010/11 |
874.63 |
|
2011/12 |
2,656.72
|
ශ්‍රීලංකන් කේටරින් සමාගම ලැබූ ලාභය (විගණන ගිණුම්වලට අනුව)
(iii) ශ්‍රීලංකන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් :
01. නිශාන්ත වික්‍රමසිංහ මහතා, (සභාපති)
02. නිහාල් ජයමාන්න මහතා
03. කපිල චන්ද්‍රසේන මහතා (අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි)
04. ශමින්ද්‍ර රාජපක්ෂ මහතා
05. මනිලාල් ප්‍රනාන්දු මහතා
06. ලක්ෂ්මී සංගක්කාර මහතා
07. සනත් උක්වත්ත මහතා
08. සුසන්ත රත්නායක මහතා
(iv) ඔව්.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-12-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks