02

E   |     |  

 දිනය: 2012-07-06   පිළිතුර ලබා දී ඇත 

2361/2012: Ceylon Petroleum Coorporation - Foreign Loans

2361/’12

 

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි ණය පියවීමට මුල්‍ය සම්පාදනය සඳහා විදේශීය මූලාශ්‍රයකින් ඇ. එ. ජ. ඩොලර් බිලියන 1ක මුදලක් ලබාගැනීමට නියමිතව තිබේද;  

  (ii)  ඉහත කී ගනුදෙනුව හා සම්බන්ධ බවට ප්‍රකාශිත ‘ගෝල්ඩ්මන් සැක්ස්’ ආයෝජන බැංකුව හා එහි දේශීය හෝ විදේශීය නියෝජිතයන් සමග ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින සාකච්ඡාවන්හි විෂයපථය පිළිබඳ විස්තර කවරේද;  

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  ඉහත (අ) (ii) හි සඳහන් නියෝජිතයන්ට,

  (i)  පිරමිඩ් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්;

  (ii)  ශ්‍රී ලංකාවේ හෝ අන් කවර හෝ ස්ථානයක බැංකු හා ව්‍යාපාරික ආයතන සමග ගිවිසුම් හෝ යම් ණය බැඳීම්වලට අදාළව විශ්වාසය කඩකිරීම් සම්බන්ධයෙන්;

  (iii)  මහ බැංකුවේ උසස් නිලධාරීන් සමඟ සමීප පෞද්ගලික සබඳතා හා ව්‍යාපාරික ජාල පැවතීම සම්බන්ධයෙන්; 

චෝදනා කරනු ලැබ හෝ දෝෂාරෝපණය කරනු ලැබ තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ)  “ඔබගේ ගනුදෙනුකරු හැඳිනගන්න” ප්‍රතිපත්තියට අනුකූල වීම සහතික කිරීම හා මෙයට සම්බන්ධ අරමුදල් මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදය හා සම්බන්ධ මූල්‍ය සම්පාදනය මගින් දූෂ්‍ය වූ මුදල් වීමේ අවදානම අවම කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-07-06

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks